Home තරු ගොසිප් “සමහර ප්‍රාර්ථනා හිතේ නිහඬවම ඉපදිලා දවසක ලස්සනට සැබෑ වෙනවා…” දස්පෙතියා මල් 100ක්...

“සමහර ප්‍රාර්ථනා හිතේ නිහඬවම ඉපදිලා දවසක ලස්සනට සැබෑ වෙනවා…” දස්පෙතියා මල් 100ක් පූජා කල නිෂිනිගේ සංවේදී සටහන මෙන්න!

0
26

“සමහර ප්‍රාර්ථනා හිතේ නිහඬවම ඉපදිලා දවසක ලස්සනට සැබෑ වෙනවා…”
දස්පෙතියා මල් 100ක් පූජා කරලා නිෂිනි කියපු ඒ ලස්සන කතාව මෙන්න!

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ වගේම සෝෂල් මීඩියාවලත් ගොඩක් ජනප්‍රිය, හැමෝම ආදරය කරන ජෝඩුවක් තමයි තිසර පෙරේරා සහ නිෂිනි හතරසිංහ කියන්නේ. මේ දෙන්නට දැනටමත් හුරතල් දුවෙක් ඉන්නවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ ආදරණීය පුංචි පවුලට තවත් අලුත් අමුත්තෙක් එකතු වෙන්නයි යන්නේ. ඒ අමුත්තා කවුද කියන එක ගැන නිෂිනි එයාගේ සෝෂල් මීඩියා ගිණුමේ හරිම සංවේදී සටහනක් එක්ක ෆොටෝ දෙකක් පළ කරලා තිබුණා.

නිෂිනි කියන විදිහට පසුගිය මාර්තු 29 වැනිදා පන්සල් ගිය වෙලාවක එයාගේ හිතේ පුංචි ප්‍රාර්ථනාවක් ඇතිවෙලා තියෙනවා. ඒ වෙනකොටත් එයාලට දුවෙක් ඉන්න නිසා, “දුවෙකුයි පුතෙකුයි ඉන්න පුංචි පවුලක් සම්පූර්ණයි” කියන ආසාව නිෂිනිගේ හිතේ ලොකුවටම තිබිලා. ඒ නිසාම “ආයෙත් මම pregnant වුණොත්, මට පුතෙක් ලැබුණොත් දස්පෙතියා මල් 100ක් ගෙනත් පූජා කරනවා” කියලා නිෂිනි නිහඬවම බාරයක් වෙලා.

ඉතින් ඔන්න දැන් ඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ට වෙලා! තිසරටයි නිෂිනිටයි ළඟදීම ලැබෙන්න යන්නේ හුරතල් පුංචි පුතෙක් කියලා දැනගත්තට පස්සේ, නිෂිනි අද ගොඩක් සතුටින් ගිහින් ඒ දස්පෙතියා මල් 100 පූජා කරලා තමන්ගේ බාරය ඔප්පු කරලා තියෙනවා. මේ ලස්සන කතාව කියන ගමන් එයා එයාලගේ චූටි දුවත් එක්ක ගත්ත ලස්සන ඡායාරූප දෙකකුත් පළ කරලා තිබුණා. ඒ පළවෙනි ෆොටෝ එක එයා දෙවැනි වතාවට ගැබ්ගන්නත් කලින් ගත්ත එකක්, අනිත් එක අද එයාගේ ප්‍රාර්ථනාව සැබෑ වුණාට පස්සේ බාරය ඔප්පු කරපු වෙලාවේ ගත්ත ලස්සන ෆොටෝ එකක්.

“සමහර ප්‍රාර්ථනා හිතේ නිහඬවම ඉපදිලා දවසක ලස්සනට සැබෑ වෙනවා” කියලා තමයි නිෂිනි මේ සටහන අවසන් කරලා තිබුණේ. මල්ලි පැටියෙක් එනකල් මඟබලන් ඉන්න චූටි දුවටත්, නිෂිනිටයි තිසරටයි මේ වෙද්දී ෆෑන්ස්ලා ගොඩක් දෙනෙක් ආදරෙන් සුබපැතුම් එකතු කරලා තියෙනවා දකින්න පුළුවන්.

 

Previous articleඅම්මේ,මම දින්නා අම්මෙ. මට ඔයා ගැන ත රහක් නෑ, ඒත් මින් ඉස්සරහට ඔයා ඕනි වෙන එකක් නෑ. වයස අවු 12 දී මව දරුවන් අතහැර ගියත් රත්තරන් තාත්තා නිසා ලෝකය දිනූ දියණියගේ කදුළු කතාව..
Next articleතම්බනකොට බිත්තරේ පැලුණොත් විසිකරන්නම ඕනෙද? ගෘහණියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු බිත්තර රහස මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights