Home දේශිය පුවත් හද කම්පා කරමින් කිරිඳිවැලදී හමුදා සෙබළු රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි. හමුදා...

හද කම්පා කරමින් කිරිඳිවැලදී හමුදා සෙබළු රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි. හමුදා සෙබළු ගැන ඇසෙන දුක්බර ආරංචිය මෙන්න…

0
1104

නිට්ටඹුව – කිරිඳිවැල පාරේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

මේ වන විටත් ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් තිබෙන අතර තවදුරටත් රියදුරු සහ හමුදා සෙබළෙකු රෝහලේ ප්‍රථිකාර ලබනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Previous articleඅවුරුදු 6ක අඳුරු මතකය රැෆෙලාගේ කැලැන්ඩරයේ නිර්මාණය වුනේ මෙහෙමයි
Next articleජයග්‍රාහිකාවගේ අංකය මාරු වෙලා… අවුරුදු කුමාරියෝ තෝරන්න ගිහින් හැමෝම අමාරුවේ වැටුනු අමුතුම පුවතක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights