Home දේශිය පුවත් බුකියෙන් වෛරල් වුනු ඉන්ධන පිරවුම්හලකදී හෙල්මට් වලින් ගුටිබැට දුන් ලොකු ටී ෂර්ට්...

බුකියෙන් වෛරල් වුනු ඉන්ධන පිරවුම්හලකදී හෙල්මට් වලින් ගුටිබැට දුන් ලොකු ටී ෂර්ට් සිඟිති පාතාලෙට ලගදීම වැඩ වරදින ලකුණු ?

0
26

සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී හෙල්මට්වලින් තරුණයෙකුට සහ තරුණියකට පහරදීමේ වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තරුණයින් පිරිසක් විසින් තවත් තරුණයෙකුට හෙල්මට්වලින් පහර දෙන අයුරු එහි දැක්වෙනවා.

මේ අතර, තරුණයා මුදා ගැනීමට උත්සහ කරන තරුණියටද පහර කිහිපයක් එල්ල වනු දැකිය හැකියි.

මෙම සිදුවීම තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට සිදුව ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

කොළඹ වෙසක් සිරි නරඹමින් සිටි දෙපිරිසක් අතර, අද අලු‍යම මෙම ගැටුම හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබී නොමැති බවත් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ මෙම තරුණයින් හඳුනා ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවසුවා …

Previous articleපුංචි පුතු සමග හරිම ලස්සනට වෙසක් සැමරූ ආදරණීය කලා යුවල මාධවී – කසුන්
Next articleහැමෝම ආදරේ කරන සරාගී යුරේනි හදිසියේම කොහෙද මේ ගිහින් තියෙන්නේ… ලංකාවට ආයේ කවදා ඒවිද ?
error: Content is protected !!
Verified by MonsterInsights