‘කෘත්‍රිම පාදය සවිකරලා නැති නිසාත්, රෝද පුටුව ආධාරයෙන් යන නිසාත් එළිමහන් වේදිකාව තවම අපහසුයි…” කවුරුත් ආදරේ කරන ඒ අසහාය කලාකරුවා ගැන ඇසෙන කතාව මෙන්න.

‘කෘත්‍රිම පාදය සවිකරලා නැති නිසාත්, රෝද පුටුව ආධාරයෙන් යන නිසාත් එළිමහන් වේදිකාව තවම අපහසුයි…” කවුරුත් ආදරේ කරන ඒ අසහාය කලාකරුවා ගැන ඇසෙන කතාව මෙන්න.

යුග යුග හදවත් නළවන ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරාගේ සොඳුරු හඬට පෙම් බඳින කාටත්, සුබ ආරංචියකි මේ…

ඒ තමයි ප්‍රියංකර පෙරේරා කාලෙකට පස්සෙ නැවතත් ප්‍රසංගවලට සහභාගී වීමේ සූදානමක පසුවන බව.
මේ ආරංචිය අරන් ඇවිත් තිබුණෙ, රංගන ශිල්පි ධම්මික සම්පත් බණ්ඩිහෙට්ටිගේ සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කරමින්.

”ගොඩ දවසකින් සතුටු හිතෙන ආරංචියක් ආවා. ඒ තමයි ප්‍රියංකර අයියා සෑහෙන කාලෙකට පස්සෙ නැවතත් ප්‍රසංගවලට සහභාගී වෙන news එක.

කෘත්‍රිම පාදය තවම සවිකරලා නැති නිසාත්, රෝද පුටුව ආධාරයෙන් යන නිසාත් එලිමහන් ප්‍රසංග වේදිකාවේ ⁣උස පඩි තරණය කරන්න තවම අපහසුයි.

දැනට ගෘහස්ථ ප්‍රසංග සහ උත්සව ශාලාවල පමණක් ගීත ගායනා කරන බව තමයි ප්‍රියංකර අයියා මට පෞද්ගලිකවම කිව්වෙ.

තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබිලා අපට ඔබෙි මියුරු ගායනය චිරාත් කාලයක් රස විඳින්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.”

Local Gossip