බොන කොල්ලෝ දාහක් මැද්දේ නොබොන කොල්ලෝ තමයි සුපිරිම කියලා එයා කියන්න සමහරවිට මේ දේවල් ද හේතු වෙන්න ඇති…

බොන කොල්ලෝ දාහක් මැද්දේ නොබොන කොල්ලෝ තමයි සුපිරිම කියලා එයා කියන්න සමහරවිට මේ දේවල් ද හේතු වෙන්න ඇති…

පොතට කලින් පිටකවරේ බලපු මම…

ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැක්කා පොඩි කෙල්ලෙක් මයික් එක දික්කලාම කියනවා

“බොන කොල්ලෝ දාහක් මැද්දේ නොබොන කොල්ලෝ තමා සුපිරි කොල්ලෝ”

කෙල්ල ට්‍රොල් වෙනවා සුපිරියටම..නොබොන කියන එක කියවෙන්නේ නොබෙන කියලා..අම්බානක වීඩියෝ හැදෙනවා….මාත් ඒ වීඩියෝ බලලා හිනා වෙනවා…අවධානෙ ගන්න කරනවා කියල හිතනවා කියලා හිතෙන් එක එක judgements වලට එනවා…

පස්සේ මේ ළඟදී දවසක ආයෙම ඒ ළමයා ඉන්න වීඩියෝ එකක් දකිනවා (සිරස ලන්ච් ටයිම් ටීවී මම හිතන්නේ) ඒ ලමයයි, ඒ ළමයාගේ අක්කයි, අම්මයි තුන්දෙනාම වැඩ කරන්නේ එකම ගාමන්ට් ෆැක්ට්‍රි එකක..ඒ අම්මා ළමයි දෙන්නා එක්ක හැඟීම්බර වෙනවා.

මම දැන් apparel sector එකේ අවුරුදු 10ට වැඩියි…එක එක ජාතියේ කතා අහලා, කතා දැකලා තියෙනවා…ඔය අහපු දැකපු කතාවල ගොඩක් තියෙන්නේ පව්ල ගොඩ දාන්න මැරීගෙන වැඩ කරන චරිත…කතා දෙක තුනක් කෙටියෙන් කිව්වොත්…..

1. මිනිහා කුලී වැඩ කරලා හම්බෙන පඩියෙන් බීලා බීලා ගෙදර ඇවිත් ගෑණු කෙනාටයි, ළමයින්ට ගහනවා…ගෙදර ජීවත් කරන්නේ මේ ළමයා ගාමන්ට් එකේ වැඩ කරලා ගන්න පඩියෙන්

2. මිනිහා රස්සාවක් නොකර ගෙදරට වෙලා බීගෙන ඉන්නවා, ජීවත් වෙන්න ඕන නිසා මේ ළමයා ගාමන්ට් යනවා

3. මිනිහා කුඩු, අයිස් වලට ඇබ්බැහි වෙලා, පඩියෙන් ජීවත් වෙන්න බැරි නිසා ජොබ් එක කරනවා

මේ වගේ කතා ඕන තරම් තියෙනවා…මේ වගේ දේවල් ඉවසන් ඉන්න අය ඕන තරම් ඉන්නවා

රස්සාව කරන්නේ රජ වෙන්න නෙවෙයි….ජීවිතේ ගැට ගහගන්න….මේ වැඩ කරන ගොඩ දෙනෙකුගේ ජීවිතේ හරිම පොඩි විදියට define වෙලා තියෙන්නේ…ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ…

“බොන කොල්ලෝ දාහක් මැද්දේ නොබොන කොල්ලෝ තමා සුපිරි කොල්ලෝ” කියලා ඒ කෙල්ලා කියන්න ඇත්තේ සමහරවිට එයාගේ පෞද්ගලික අමිහිරි අත්දැකීම් නිසා වෙන්න ඇති, එහෙමත් නැත්නම් එයා වැඩපලේ වැඩකරද්දී ආශ්‍රය කරන යාලුවොන්ට වෙච්ච අමිහිරි අත්දැකීම් නිසා වෙන්න ඇති. මහන්සි වෙලා මැරිලා මැරිලා ගෙදර ගියාම තවත් ප්‍රෙෂර් එකක් අරන් ගුටි කරන්න, කුණුහරපෙන් බැනුම් අහන්න කව්රුත් කැමති නෑ….. ඒ ළමයා define කරපු ලෝකෙක, එයා මවපු ෆැන්ටසි එකක ලොකුම ජය්ග්‍රහනේ “නොබොන කොල්ලෙක්” හොයා ගන්න එක වෙන්න ඇති…..

සමහර තැන්වලදී මම පරිණතයි කියලා මට හිතුනට මෙහෙම තැන්වල හෙනම ප්‍රාථමිකයි මම කලින් හිතපු විදිය….පට්ට judgemental!!

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.

Local Gossip