සිරිපා අඩවිය තුල තිබෙන ලොවින් සැඟවුණු පළතුරු උයනක් ගැන ඇසෙන ඇස් උඩ යන කතාව මෙන්න.

සිරිපා අඩවිය තුල තිබෙන ලොවින් සැඟවුණු පළතුරු උයනක් ගැන ඇසෙන ඇස් උඩ යන කතාව මෙන්න.

සිරිපා අඩවිය සැලකෙන්නේ මෙරට පූජනීය හා විස්මිත කලාපයක් විදිහටයි…

සිරිපා අඩවිය ගැන ජනවහරේ බොහෝ කතා තිබෙනවා … ශ්‍රී පාද සංස්කෘතිය මුල් කොටගත් රසවත් ජන විශ්වාසක් තමයි මේ කියන්න හදන්නේ…
සිරිපා හිමය හෙවත් සමනල අඩවිය තුළ ලොවින් සැඟවුණු පලතුරු උයනක් තිබෙනවා…

එහි හිමිකරු එසේ මෙසේ කෙනෙකු නොවේ. සුමන සමන් දෙවියෝ.

සිරිපා හිමයේ ඇවිදින අතරේ බැරිවීමකින් හෝ ඒ පලතුරු උයනට පිවිසෙන්නෙකු හට කුස පුරා, සිත පුරා ඇති පලතුරු කන්න පුළුවන්… ඊට සමන් දෙවියන්ගෙන් කිසිඳු බාධාවක් නැහැ..

ඒත් ඒ උයනේ කිසිඳු පලතුරක් කිසිඳු ලෙසකින් පිටතට ගෙන යන්නට සමන් දෙවියන්ගෙන් කිසිවෙකුටත් අවසර නම් නැහැ ” මෙහෙම කියන්නේ ඒ ප්‍රදේශයේ ජිවත් වන පැරණි මිනිස්සු…

සමහර ගැමියන් සිරිපා අඩවියේ අතරමං වී ඉබාගාතේ ඇවිදිනකොට මේ පලතුරු උයන හමුවෙලා තියෙනවලු…

එහෙම අතරමං වෙලා පලතුරු උයන හමුවුණු ගැමියෙක් පුවත්පතකට කියපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ …

පලාබද්දල ඉහළ පවනැල්ලේ එල්.ඒරොන් හෙවත් ‘ ඒරොන්මාමා’ වසර දහයකට ළංවෙන කාලයක් සිරිපා හිමියේ කුණු දිය පර්වතය ආශ්‍රිතව ගල් ගුහාවක හුදක්ලාවේ දිවි ගෙවන ලද අපූර්ව වීර චරිතයකි.

මේ ඒ ගැමියාගේ කතාවයි…

“මම ඒ කාලෙ හිමයේ කුණු දිය පර්වතය කිට්ටුව හිමයේ ගල් ගුහාවක නතර වෙලා තමයි හිමයේ කිතුල් මැදලා, පැණි උණු කරලා, හකුරු හදන්නෙ. මිනිස් පුළුටක්වත් නැති ඒ වගේ මහා වනාන්තරයක සතිය හමාර තනියම ජීවත් වෙනවා කියන එක ලේසි පහසු කාරියක් නෙවේ.

ඒ කාලේ මම සතියකට, දවස් දහයකට විතර උවමනා හාල්, පොල්, පරිප්පු වගේ දෙවල් පොදියක් කරේ තියාගෙන උඩහ දොරල කඩේ (ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ නවාතැන්පළකි) ළඟින් හැරිලා ගල්පොත්තාව ඔය ඉවුර දිගේ හැතැක්ම පහ හයක් මහ කැලේ මැද්දෙන් උඩට නගිනවා. ඒ හරියේ තියෙන කිතුල් මැදලා, පැණි උණු කරලා,හකුරු හදාගෙන සතියකට, දවස් දහයකට පස්සේ තමයි පහලට එන්නේ.

ඒ කාලේ ඇතුළත හිමේ තියෙන ගල් ගුහාවක් ඇතුළේ උයාගෙන කාලා, පැණිඋණු කරලා, හකුරු හදනවා.” ඒරොන් මාමා කීය.

ඉන්පසු ඔහු තමන් සමන් දෙවියන්ගේ ඒ අසිරිමත් පලතුරු උයනට පිවිසි අන්දම පිළිබඳව විස්තර කරත්ම මා එයට සවන් දෙන ලද්දේ යොවුන් වියේ සිට ඒ පිළිබඳව දැනගැනීමට පැවති කුතුහලය හා උනන්දුව හදවතින් පිටාර ගලන අතරේ ය.

“මේ සිද්ධිය වුණේ 1984 අවුරුද්දේ විතර. ඔන්න මම එහෙම හිමේ තනිවෙලා ඉන්නකොට අකාලේ මහා වැස්සක් කඩාගෙන වැටුණා. මට කිතුල් මදින්න තියා ගල් ගුහාවෙන් එක අඩියක් එළියට තියාගන්න බැහැ.අකුණු වල සද්දෙ ගල් ගුහාව ඇතුළට එන්නෙ කන් අඩි පුපුරන ගාණට කොහොමහරි දවස් තුන හතරක් ගියත් වැස්ස නවතින පාටකුත් නෑ. මම ගෙනිච්ච හාල්,පොල් එහෙමත් ඉවර වේගෙන එන්නේ. ගල්ගුහාව ඇතුළට වතුර ඇවිත්, දර තෙමිලා තේ ඩිංගක් බොන්නවත් බැහැ.

අන්තිමට මට සිද්ධ වෙන්නේ ඒ ගල්ගුහාව ඇතුළෙම මැරෙන්න තමයි කියලා තේරුම්ගත්තු මම ආපහු ගමට එන්න හිතාගෙන එළියට බැස්සා.

ඒත් එතකොටත් වහිනවා. ගල්පොත්තාව ඔය පිටාර ගලලා හින්දා වෙනදා එන ක්‍රමේට පහලට බහින්න තියා හිතාගන්නවත් බැහැ. කොහොමහරි මම ඔය විදිහට හිමේ ඇවිදිනකොට මට තේරුණා මං අතරමං වුණා කියලා.

ඒත් මොනවා කරන්නද සමන් දෙවියන්ගෙ පිහිටාරක්ෂාවයි කියලා හිතාගෙන ඔහේ ඔලුව හැරුණු අතේ ඇවිදගෙන ගියා.” එසේ කී ඒරෝන් මාමා තම කතාවේ රසාලිප්තම කොටසට පිවිසියේ ඉන්පසුවය. “මම ඔය විදිහට පැය කීපයක්, දවස් කීපයක් ඇවිද්දද කියලා අදටත් මට නිනව්වක් නෑ. මට ඒ සේරම හීනයක් වගේ. ඔන්න එක පාරටම මම දැක්කා එක උදේක හරිම අපූරුවට රත්තරන් පාටට ඉර පායාගෙන එනවා.බලන්න ලස්සනයි ඒ ඉර එළියෙන් මට පේනවා සිය දාස් ගණන් පොකුරු පහලට නැමිලා තියෙන ජම්බු ගස්.ඒවායින් පිනි බේරෙනවා. මම පැනපු ගමන් ඒ ජම්බු කඩාගෙන කාගෙන ගියා….

ඒකෙන් මගෙ බඩගින්න වගේම තෙහෙට්ටුවත් නැත්තටම නැති වුණා.

ඒ ජම්බුවල රහ නම් මට හිතාගන්නවත් බෑ.

කොහොමහරි ඊට පස්සේ ඇවිද ගෙන යන කොට මාව එකපාරටම උඩහ කෙකටිය කඳ (ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ නවාතැන්පළකි) හරියෙන් මතුවුණා කියමුකෝ. මට දැන් සහතිකයි මට ඒ හම්බවුණේ සමන් දෙවියන්ගෙ පලතුරු උයන කියන එක. ඒත් ඒක තියෙන්නේ කොහේද කියන එක නම් අදටත් ප්‍රශ්නයක්.”

මේ ඒ වගේ තවත් කතාවක් , පහළගම සිමියොන් සිංඥෝ මුදලාලි මහතා කියපු ,

එතුමාගේ සීයා කෙනෙක් සිරිපාදේ ගිහින්…

ඒ ගිහින් එද්දී නඩේ මග ඇරිලා.. ඒ කාලේ අද වගේ නෙමයිනේ.. එද්දී අතරමං වෙලා.. කැලේ ඇවිද ඇවිද බඩගින්නේ ඉන්නකොට එක පාරටම පලතුරු ගස් හුඟාක් තියෙන හරියකට ඇවිත්… සුවඳම සුවඳයිලු.. හරිම ලස්සනයිලු…

බඩගින්නේ හිටපු සීයා බඩ පිරෙන්න පළතුරු කෑවාලු…

පලතුරු කාලා එලියට එන්න ඉබේම පාරක් හමුවෙලා… ඒ එනකොට සිරිපාදේට යන අඩි පාරට ඇවිත්… පහල මිනිස්සු දැක්කලු … දැක්කම .. මේ සීයා කතා කරලා විස්තර එහෙම කියලා… අනේ ඒක හාස්කමක්…

සමන්දෙයියන්ගේ පිහිටෙන් බේරිලා ඇවිත් තියෙන්නේ… ඔය හම්බෙලා තියෙන්නේ ඒ උත්තමයාගේ පලතුරු උයන කියලා කිව්වලු…

මේ වගේ කතා තව සිය ගණනක් එම ප්‍රදේශවල ජනතාව අතරේ තිබෙනවා…

ඉතිං මේ ජනප්‍රවාදය ඇත්තකමද ? කියන එක දන්නේ ඒ සිදුවීමට මුහුණු දුන්නු අය විතරයි….

අන්තර්ජාලයෙන්…

Local Gossip