Home දේශිය පුවත් ඇමති සොරුන්ගේ තර්ජන සහ ගර්ජන නොතකා තම රාජකාරියේ ස්ථිරව සිටි අපේ කාලයේ...

ඇමති සොරුන්ගේ තර්ජන සහ ගර්ජන නොතකා තම රාජකාරියේ ස්ථිරව සිටි අපේ කාලයේ වීරයන්!

0
54

මහින්දානන්දලා වගේ අම්බ හොරු හිරේ ගියේත් ඉතුරු හොරු ඉදිරියේදී හිරේ යන්නෙත් මේවගේ රාජ්‍ය නිලධාරීන් නිසයි. අවංකව රාජකාරි කරපු නිසා මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් පවා එල්ල වුනත් ලලිත් අඹන්වෙල ( Superintendent of Audit ) විදිහට අවංකව සහ නිර්භයව මුදලට යටනොවී රාජකාරි කරා.

මහින්දානන්දට එරෙහිව වසන්ත සමරසිංහ FCID එකට දාපු කැරම් බෝඩ් වංචාවේ පැමිණිල්ලට අදාළව සියලුම තොරුතුරු ලබා දුන්නේ ලලිත් අඹන්වෙල මහතා විසින්.

මිනිස්සුන්ටත් කෝචොක් කරනකොට මේ රාජ්‍ය වංචා වලට එරෙහිව කවදා හෝ යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් වෙයි , නීතිය ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරේ ලලිත් අඹන්වෙල මහත්තයා වගේ අවංක රාජ්‍ය නිලධාරීන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලයි.

මුහුණට එල්ලවුණු ඇසිඩ් ප්‍රහාරය නිසා ඇස් පෙනීම පවා දුර්වල වී වුනත් රාජකාරිය වෙනුවෙන්ම ජීවිතේම කැප කරලා රෝගාතුරව මියගිය ලලිත් අඹන්වෙල මහත්තයාට අද ලැබුණු නඩු තීන්දුව උපහාරයක් .

ඒ දවස්වල FCID එක ගැන අවලාද කියපු මිනිස්සුන්ට දැන්වත් වැටහෙන්න ඕන ලලිත් අඹන්වල වගේ මිනිස්සුන්ට යාන්ත්‍රණය කාගේ වුවත් තම වගකීම ඉටු කිරීමට එය බාධාවක් නොවූ බව. මේ විමර්ශනයට සම්බන්ධ වීමට හැකිවීම ගැන සතුටු වෙමි.අඹන්වල මහතා වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.

විගණන කටයුතුවලදී මුහුණට එල්ල වූ බරපතළ ඇසිඩ් ප්‍රහාරයක් නිසා ඇස් වලට සහ මුහුණට සිදුවූ බරපතල හානි මධ්‍යයේත් අවසානය දක්වා රාජකාරියෙහි නිරත විය.

ඒ වගේම මේ වංචාව ගැන ඒ කාලේ විමර්ශනය කල එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරි ඇන්ටන් පෙරේරා මහතා මේ ගැන සොයා බැලීම නිසාම බොහෝ කරදරවලට මුහුනදීමට සිදුවුනා.

Previous articleලොවක් දිනන්න ගිය ශ්‍රී ලාංකීය රූ රැජිනිය අනුදි අපෙන් ඉල්ලූ ඉල්ලීම මෙන්න
Next article” දුක් නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගේ අම්මේ..” මවගේ මතකයන් එක්ක තවමත් ජීවත්වෙන තිසුරි තැබූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights