Home දේශිය පුවත් Multimedia අභියෝග වටයෙන් ආසියාවේ අනුශූරිය වෙමින් ඉතිහාසගත වූ අනුදි ගැන ඇසෙන කතාව...

Multimedia අභියෝග වටයෙන් ආසියාවේ අනුශූරිය වෙමින් ඉතිහාසගත වූ අනුදි ගැන ඇසෙන කතාව මෙන්න

0
142

72 වන ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge වටයෙන් ආසියාවේ අනුශූරිය ලෙස ඉදිරියට ඒමට ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.

මෙය ඉතිහාසගත වාර්තාවක් වන්නේ, මෙම සන්ධිස්ථානයට පැමිණි පළමු ලාංකික නියෝජනය ඇය වීම නිසාවෙනි.

අනුදි මෙම ජයග්‍රහණය වාර්තා කරනුයේ ඊට සහභාගී වූ තරගකාරිනියන් 108 දෙනෙකු අතරින් අවසන් 8 දෙනා අතරට එක්වෙමිනි.

සිය ජයග්‍රහණය පිළිබඳව නිල ෆේස්බුක් පිටුව වෙත සටහනක් එක්කරමින් ඇය සඳහන් කර තිබුණේ, තමන් වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වන බවයි.

අනුදිගේ ලෝක රූ රැජින ගමන තුළ ඇය fast-track ඉසව් තුනක අවසන් වටයට පිවිසීමට සමත්කම් දැක්වීම විශේෂය.

මෙහි Asia – Oceania කලාපයෙන් පළමු තැන හිමිව ඇත්තේ තායිලන්තයට‍යි. ඒ අනුව තායිලන්තය Top 40 වෙත ඍජුව පිවිසෙනු ඇති.

Multimedia Challenge වටයේ අවසන් ප්‍රතිඵල ලබාදීමට නියමිතව තිබුණේ හෙට දිනයේදීයි.

නමුදු එම තරග වටයේ අවසාන ප්‍රතිඵල අද මෙලෙස නිකුත් කිරීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබෙනවා

Previous article” මඩ වලට,gossip වලට , කතන්දර හදන keyboard වීරයන්ට බෑ ඔයාව නවත්තන්න….” හදිසියේම ෆේස්බුක් ඇවිත් රටක් ආදරේ කරන තරින්ඳි ප්‍රනාන්දු තමන්ගේ රසිකයින්ට දුන් මෝටිවේශන් එක මෙන්න
Next articleමේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවාද ? එහෙනම් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න. නිරෝගී දිවියකට මේ ලිපිය කියවන්න
error: Content is protected !!
Verified by MonsterInsights