Flashback සහ Roshan Fernando ගැන මටත් දෙයක් කියන්න තියනවා..
Flashback Band එකත් Roshan Fernando කියන චරිතය මට හම්බෙන්නෙ 2003 වසරේදී. මගේ අක්කා එක්ක ප්‍රසංග වලට යද්දී. මගේ එකම හීනෙ උනේ Drummer කෙනෙක් වෙන්න. ඒ දවස් වල මම ආසම Band දෙක “ස නි ද ප” Flashback.
දවසක් රාජාංගනේ ප්‍රසංගයක Flashback Van එක ලගට යනව නදීර අයිය හම්බෙන්න. එතන නිකන් කතා කරනකොට නදීර අයියා මගෙන් අහනව ඔයා සිංදුකියන්නෙ නැද්ද මල්ලි කියල. මම කියනවා Shep එකේ කියන්න පුලුවන් අයියෙ කියල. නදීර අයිය මට කියනවා කියන්න බලන්න සිංදුවක් කියල. Chamara අයියගෙ සිංදු තමා මම ආසම ඒදවස් වල. “උඩවැඩියා මලක් වෙලා” සිංදුව කියනවා. නදීර අයියා එකපාරටම මට කියනව අඩෝ මල්ලී නියමයිනෙ කියල. නදීර අයිය රොශාන් අයියට කතා කරල කියනව අයියේ මේ බලන්න මූ නියමෙට සිංදු කියනවනේ කියල. රොශාන් අයිය මට කියන්න බලන්න මට අහන්න කියල. රොශාන් අයිය මගෙන් විස්තර අහන්න ගත්තා. මම කියනව මම තාම School යනව අයියෙ කියල.
එතකොට මම Drum-set එක මගේ ජිවිතේ කරගන හිටියෙ. රොශාන් අයිය මට කියනව මල්ලී උබ සිංදු කියපන් Drums ගහපන් හැබැයි ඔයා සිංදු කීවොත් දවසක ඔයාට හොදතැනක් හම්බෙනව කියල. රොශාන් අයිය මට කියනව අද මම උබව දානව අපිත් එක්ක සිංදු කියන්න. මම බෑ කියනව රොශාන් අයිය කියනවා උබ අද සිංදු කියන්නම ඕනෙ කියල. එදා මම ජීවිතේ පලවෙනි වතාවට Stege එකක් උඩ Chamara අයියගෙ සිංදු දෙකක් කියනවා. රොශාන් අයිය කියනවා නියමයි මල්ලි දිගටම සිංදු කියන්න ඔයා ජයවේවා කියල.
ඇත්තටම එදා තමා මට කරන්න ඕන හරිමදේ මොකද කියල තේරුනෙ. Roshan අයියා මට මාර මොරාල් එකක් දුන්න ගායකයෙක් වෙන්න. එදා ඒදුන්න මොරාල් එකට මම band එකක් හදාගන ෂා Fm Road ශො ගැහුව. මම Dream star ගිහින් සිංදු කියල දෙවනිය උනා. Feedback හම්බුනා. මගේ ජීවිතේ කනපිටම හැරුන. ඒදා මට ගායකයා කියන චරිතය හදාගන්න මොරාල් එක දුන්නේ රොශාන් අයියා. මට කියන්න බෑ Roshan අයියට කුහකයි කියල. ඉතින් මගේ කතාව වෙනස් එකක්
මේකත් කියන්න ඔනේ මට සංගීතය දෙන්න බෑ කියන acoustic band තියනවා.නම් කියන්නෑ මොකද ඒක එයාලගෙ කැමැත්ත ඒක. හැබැයි මම තරහනෑ. එයාලට හොදයි නම් මට කොහොමත් හොදයි කියල මම මගේ වැඩ කරනවා. ජයවේවා
