Home දේශිය පුවත් රත්නපුරයේ මැණික් ව්‍යාපාරකයින් විසින් නාගදීපයට පූජා කරන මැණික් ගල් දහස් ගණනකින් නිම...

රත්නපුරයේ මැණික් ව්‍යාපාරකයින් විසින් නාගදීපයට පූජා කරන මැණික් ගල් දහස් ගණනකින් නිම වූ කෝටි ගණනක මැණික් පුටුවක් ගැන කතාව මෙන්න

0
34

රත්නපුරයෙන් හමුවූ අමිල මිණිකැට දහස් ගණනක එකතුවෙන් සෑදුනු මැණික් පුටුවේ වැඩකටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

එය ලබන 7 වනදා නාගදීප විහාරස්ථානයට භාරදීමට නියමිත බවයි එහි සංවිධායකයින් පවසන්නේ.

වසර 2,500කට පසු දකුණෙන් උතුරට පිදෙන සාම තෑග්ගක් ලෙස මෙම මැණික් පුටුවේ වැඩ ආරම්භ වූයේ 2017 වසරේදීයි.

කොරෝනා හේතුවෙන් වසර 3ක් අතපසුවී වසර 7කට පසු එහි වැඩ අවසන් කර තිබෙනවා.

රත්නපුර මිණිදන පදනමේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලීන්ගේ මැණික් කැට පරිත්‍යාගයෙන් මෙය නිර්මාණය කළ බවයි මිණිදන පදනමේ සභාපති කපිල අතුරලියගම මහතා පවසනනේ.

රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී කාර්යාල පරිශ්‍රයේ මෙම මැණික් පුටුව තැන්පත් කර තිබෙනවා.

එය සගසතු කිරීම ලබන 7 වනදා උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිතයි.

Previous articleඅම්මා කෙනෙක්ගේ අවසන් මොහොතේ දරුවෙක්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද..? සහෝදරයාගේ මුදලටත් වංචාකළ ඔහුට නොසිතූ ඇබැද්දියක්..
Next article“ලේසියෙන් කරට අත දාන්නේ නැහැ, මගේ සිනමා ජීවිතය ගෙවුණේ මෙතුමන්ලා සමගයි” – බන්දු සමරසිංහ කියන කතාව….
error: Content is protected !!
Verified by MonsterInsights