Home දේශිය පුවත් නිල්වලා නිම්නයේ මියුරු තනූ රචකයා දිවි ගමනට සමුදෙයි

නිල්වලා නිම්නයේ මියුරු තනූ රචකයා දිවි ගමනට සමුදෙයි

0
37

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකල මියුරු ගී තනු හා සංගීත නිර්මාන ශිල්පියෙකුවූ විශාරද චන්ද්‍රදාස බෝගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට අවුරුදු අසූ අට වියේ පසුවුණා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරළ ගී ශිල්පියකු, සංගීත ගුරුවරයෙකු, සංගීත ඇධ්‍යක්ෂවරයෙකු, අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්‍ය වරයෙකු, ලේඛකයකු, ෂණායි වාදනයේ මෙරට ප්‍රථමයා සහ ප්‍රමුඛයා මෙන්ම ගායන ශිල්පිනී විශාරද ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ වැඩිමහල් සහෝදරයා ද වෙනවා.

ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය ගායනා කරන මගේ නීල නෙතුසඟලේ, පෙම්කළ වරදට, නීලවර්ණ නීල කොබෙයියෝ, සීත දිය රැල් සලා, මා ප්‍රිය හිමියනි වැනි මියුරු ගී රැසක තනු හා සංගීත නිර්මාපකයා වන්නේ චන්ද්‍රදාස බෝගොඩ මහතාය.

චන්ද්‍රදාස බෝගොඩ මහතාගේ අවසන් කටයුතු හෙට දින පස්වරුවේ මාතර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Previous articleහැමෝම ආදරේ කරන ඉන්දීය සුපිරි බොලිවුඩ් නළුවාට අත් වූ සංවේදී ඉරණම, සියල්ලන් හැරයමින් ඔහු සිය දිවි රගමඩලෙන් හදිසියේම නික්ම ගිහින්
Next articleසිංහල ග්‍රැමෆෝන් ගීතයේ ජීවමාන සාක්‍ෂිය, ජේෂ්ඨ ගායන ශිල්පිනී ග්‍රේටා ජැනට් ද සිල්වා දිවි සැරිය නිම කරයි…
error: Content is protected !!
Verified by MonsterInsights