සිංහල ග්‍රැමෆෝන් ගීතයේ ජීවමාන සාක්‍ෂිය, ජේෂ්ඨ ගායන ශිල්පිනී ග්‍රේටා ජැනට් ද සිල්වා දිවි සැරිය නිම කරයි…

සිංහල ග්‍රැමෆෝන් ගීතයේ ජීවමාන සාක්‍ෂිය, ජේෂ්ඨ ගායන ශිල්පිනී ග්‍රේටා ජැනට් ද සිල්වා දිවි සැරිය නිම කරයි…

1926 මැයි මස 6 වැනිදා මීගමුවේ දී උපන් ලියනගේ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය අතිශය ජනප්‍රියත්වයට පත්වූ ” මුනි නන්දන සිරි පාද වදිමි සමනෙළ කන්දේ ” ඇතුලු තවත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළාය.

1938 දී ලංකා ෆිල්ම් කොම්පැණි ග්‍රැමෆෝන් රැකෝඩයකට ඇයගේ හඬ මුලින් ම තැටිගත විය.

“පානා මේ කුරුලන්ගේ” සහ “මෙරුන් වගේ සතර අතින්” යන විරිදුව එම රැකෝඩයේ අඩංගු විය. එකී විරිදුව ගායිකාවක විසින් මුලින් ම තැටිගත කළ විරිදුව ද විය.

එම වසරේ දීම කොළොම්බියා තැටි සමාගමේ ප්‍රධාන ගීත ප්‍රබන්‍ධ ශාස්ත්‍රඥ වූ යූ. ඩී. ප්‍රේරා මහතාගේ උනන්‍දුව මත ග්‍රේටා කොළොම්බියා ලේබලයේ ගායිකාවක ලෙස ගිවිසුම්ගත විය.

ඇය මුලින්ම කොළොම්බියා තැටි දෙකකට යුග ගී දෙකක් සහ කේවල ගී දෙකක් ගායනා කළා ය.

ග්‍රේටා සමඟ යුග ගී ගැයුවේ මාස්ටර් මොහිදීන් බෙග් ය. ඉතා ඉක්මනින් ග්‍රැමෆෝන් ලෝකයේ ස්වර්ණාක්‍ෂරයෙන් සිය නාමය තැබීමට සමත් වූ ග්‍රේටා ජෙනට් කොළොම්බියා සමාගමේ ප්‍රධාන ගායිකාව විය.

කොළොම්බියා රැකෝඩ් සඳහා ග්‍රේටා සරළ ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා ආදී විවිධ ශෛලීන්වල ගීත ගායනා කළා ය. මේ සමයේ දී ම කොළඹ ගුවන්විදුලි සේවයේ ගී ගැයීමට ද ග්‍රේටා ජෙනට් සමත් විය.

විවාහයෙන් පසුව රැකෝඩ් සඳහා ගීත ගැයීම 1945න් පසු නතර කිරීමට සිදුවූවත් ලංකා ගුවන්විදුලි වැඩසටහන් සඳහා 1950 පමණ වනතෙක්ම සම්බන්ධ වීමට ඇයට හැකිවිය.

ඇස්. ඩී. ස්ටීවන් සිල්වා, මාස්ටර් මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, වසන්තා සන්දනායක ආදී ගායක ගායිකාවන් සමඟ ගීත ගැයීමට වාසනාවන්ත වූ ග්‍රේටා ජෙනට් කොළොම්බියා ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත 29ක් ගායනා කළා ය.

.. එතුමියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු..

Local Gossip