Home දේශිය පුවත් බොලිවුඩ් රජුගේ නව පෙනුම සැක රසික ලොවම කැළඹෙයි

බොලිවුඩ් රජුගේ නව පෙනුම සැක රසික ලොවම කැළඹෙයි

0
45

බොලිවුඩයේ රජු, ෂාරුක්ගේ වීඩියෝවක් මේ දවස්වල හුවමාරු වනවා.
මේ වීඩියෝව හුවමාරු කර නොගන්නා හැටියට, SRK රසික පිටුව මඟින් ඉල්ලීමකුත් කරලා.
ඊට හේතුව, ෂාරුක් එහි නව පෙනුමක් ගැනීම.

බොහෝදෙනාගේ අනුමානය නම්, මේ ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ පෙනුම වන බව.
හුවමාරු වන වීඩියෝවට අනුව ෂාරුක් පෙනී ඉන්නෙ ටැටූවලින් පිරුණු සිරුරැතිව.
මේ වීඩියෝව අහම්බයක් නොවන බවටත් ඇතැමුන් ප්‍රතිචාර දක්වනවා.
ඒ කියන්නෙ, මේ ඉදිරි චිත්‍රපටය ගැන පුංචි හෝඩුවාවක් විය හැකි බව.

වීඩියෝව පැරණි එකක් ද, එය රූගත කර ඇත්තේ කොහේද වන තොරතුරුත් තවම එළියට ඇවිත් නෑ.
කොහොම නමුත් වීඩියෝව අන්තර්ජාලයේ හුවමාරු වනවාත් එක්කම, SRK රසික පිටුවකින් පරිශීලකයින්ගෙන් ඉල්ලීම් කර තිබුණේ සුපිරි තරුවගේ නව පෙනුම හෙළි කරන කිසිදු අන්තර්ගතයක් පළ කිරීම හෝ හුවමාරු කිරීම සිදුනොකරන ලෙස.

ෂාරුක් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය “King”
චිත්‍රපටය 2026 මැද භාගයේදී තිරගත වීමට නියමිතයි.
එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේත් “පතාන්” අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් ආනන්ද් විසින්.
මෙම චිත්‍රපටයෙන් ෂාරුක්ගේ දියණිය වන සුහානා ඛාන් ද සිනමා තිරයට පිවිසීම සනිටුහන් කිරීම විශේෂයි.
“King” ක්‍රියාදාම චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.

එහි රූගත කිරීම් ආරම්භ වුණේ, මැයි 20 වැනිදා මුම්බායි හිදී. රූගත කිරීම්හි කොටසක් යුරෝපයේත් සිදුකිරීමට නියමිතයි.

දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, අනිල් කපූර්, රාණි මුකර්ජි, ජැකී ෂ්රොෆ්, අර්ෂාඩ් වර්සි සහ අභය වර්මා ද මෙහි රංගනයේ යෙදෙන බව සඳහන්.
ඉතින්, බොහෝදෙනාගේ අනුමානය තමයි ෂාරුක්ගේ නව පෙනුම,,, “King”හි ඔහුගේ චරිතය වන බව.

Channel E

Previous articleමට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි
Next article” අපට උදව් කරන්න කවුරුත් නෑ. අපේ මේකප්, ඇඳුම් සියල්ල තනියෙන් කරගන්න ඕනි.” ලෝක රූ රැජිනට ගිය අනුදි සිය අත්දැකීම් පලමු වරට හෙලිකරයි
error: Content is protected !!
Verified by MonsterInsights