Home දේශිය පුවත් උද්දික ප්‍රේමරත්නව යෝජනා කළේ, මාලිනීමයි..’ – මාලිනිය යළි රසිකයින් අතරට ගෙනා, ”එය...

උද්දික ප්‍රේමරත්නව යෝජනා කළේ, මාලිනීමයි..’ – මාලිනිය යළි රසිකයින් අතරට ගෙනා, ”එය වසන්තයක් නොවේ”

0
56

”එය වසන්තයක් නොවේ”

ඒ තමයි ජීවන රඟමඩලෙන් නික්ම ගිය හෙළ සිනමා නිළි රැජින, මාලිනී ෆොන්සේකා රඟපෑ ප්‍රථම සහ එකම ගීත රූප රචනය.

මාලිනී – උද්දික එකතුව එහි වඩාත් කතාබහට ලක්වුණා.
ඒ ඔවුන්ගේ අපූරු ගැළපීම නිසාවෙන්.
ගීත රූප රචනයට උද්දිකව යෝජනා කර ඇත්තේ ද මාලිනිය විසින්මයි.

මේ, ඒ ගැන කියන ගීතයේ හිමිකාරිය ‘චාපා ජයරුක්’
”එය වසන්තයක් නොවේ මියුසික් වීඩියෝවෙ රඟපාන්න මාලිනී මහත්මියට ආරාධනා කළාම ඇය කිව්වෙ ගීතය අහලා බලන්න ඕන කියලා. ඉතින් අපි ගීතය ඇයට ලබා දුන්නා. ගීතය අහලා ඇය කිව්වා හිතට දැනෙන ලස්සන පද පෙළක් එක්ක සංගීතය මුසුවුණු ලස්සන ගීතයක් කියලා.

ඇය බොහොම කැමැත්තෙන් රඟපාන්න එන්නම් කිව්වා. මාලිනී මහත්මිය මියුසික් වීඩියෝවෙ රඟපාන්න කැමති වුණාට පස්සෙ අපි ඇයගේ පුතාට ගැළපෙන පිරිමි නළුවෙක් සොයමින් ඉන්නකොට මාලිනී මහත්මිය උද්දික ප්‍රේමරත්නව මේ සඳහා යෝජනා කළා.

උද්දිකගේ රංග පෞරුෂය මේ සඳහා කොච්චර දුරට ගැළපෙනවද කියලා අපි සියලු දෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කළා උද්දිකව පිරිමි චරිතය සඳහා අරගන්න.

මාලිනී ෆොන්සේකා මේ සඳහා රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්නවා කිව්වාම උද්දිකත් ගොඩක් උනන්දුවෙන් මේ මියුසික් වීඩියෝවේ රංගනයට සම්බන්ධ වුණා….”

උපුටාගැනීම : ලක්ෂාන් නිලංක | පිනිපලස

Previous article” අපට උදව් කරන්න කවුරුත් නෑ. අපේ මේකප්, ඇඳුම් සියල්ල තනියෙන් කරගන්න ඕනි.” ලෝක රූ රැජිනට ගිය අනුදි සිය අත්දැකීම් පලමු වරට හෙලිකරයි
Next articleඔයාගෙත් මනස අවුල් නම් මෙන්න මේ හිගන්නාගේ තියරිය අනුගමනය කරන්න මනස සුවපත් වෙනවා සත්තයි
error: Content is protected !!
Verified by MonsterInsights