විජේව සිපනොගත් සබීතා..
විජය සහ සබීතා අතර තියෙන්නේ වයස අවුරුදු 17ක පරතරයක්.. කොහොම හරි විජය සබීතාගේ තාත්තා වූ ස්ටැන්ලි පෙරේරාගේ හොඳ හිතවතෙක්.. මේ නිසා පොඩි කාලේ විජය යම් යම් අවස්තා වලදී සබීතා දැකලා තියෙනවා..
සබීතාට අනුව පොඩි කාලේදී විජයව දැක්කාම සබීතට මැවිලා තියෙන්නේ විජය නිකක් ඉටි රූපෙකින් හැදුන පිළිමයක් විදිහට. ඒ තරම් ඇය ඔහුට ප්‍රිය කර තිබෙනවා. කොහොම හරි කාලයත් එක්කම ඇයට ඇගේ සිහින කුමරා එක්ක එකම තිරයේ ඔහුගේ පෙම්වතිය ලෙස රඟපාන්න වරම් ලැබෙනවා.
වරම් ලැබුණත් සබීතා ඉදලා තියෙන්නේ ලොකු තිගැස්මකින්.. කොහොම හරි ඔහු සමග ඇයට මුලින්ම රඟපාන්න තිබිලා තියෙන්නේ ගීතමය ජවනිකාවකට. මේ අවස්ථාවේදි සිප ගැනීමේ දර්ශනයක් රූගත කිරීමට සිදු වී තිබෙන අතර, මේ දර්ශනයට සබීතාට මුහුණ දීමට ලොකු ආයාසයක් දරන්නට සිදුවී තිබෙනවා..
එය සතුට වැඩිකමට සිදුවූවක්ද නැත්නම් විජයට ඇති ගරුත්වයට සිදුවූවක්ද කියා තවම සබීතා දන්නේ නැහැල්ලු.. 😌💗
Mmp Ranaweera
