කතාව කොතනින් කෙලවර වුණත්, අනේකාගේ ගෞරවය රැකිම, ආදරණීය මිනිසුන් තුළින් විතරක්ම ඇතිවන ලස්සන හැඟීමක්..” කලකට පස්සේ ඇය කියූ ඒ කතාව මෙන්න..

කතාව කොතනින් කෙලවර වුණත්, අනේකාගේ ගෞරවය රැකිම, ආදරණීය මිනිසුන් තුළින් විතරක්ම ඇතිවන ලස්සන හැඟීමක්..” කලකට පස්සේ ඇය කියූ ඒ කතාව මෙන්න..

ඇය ජීවිතේ දිහා දැන් දකින්නේ ගොඩක් උපේක්ෂා සහගතවයි..

තවත් නොබෝ දිනකින් ඔහු ඇගෙන් වෙන් වෙලා වසරක් ගත වුණත්, මේ ගෙවුණු කාලය පුරාවටම ඇය ජීවත් වුණේ ඒ මතකයත් එක්කයි..

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, ඇගේ ආදරණීය සැමියා වුණේ ඔහුයි.. මැණික් ලංකා රාජිණී, ඇයගේ මුහුණුපොතේ පළවන සටහන් බොහෝමයි.. මේ තවත් අන්න ඒ වගේ ඇය එක්කළ සටහනක්.. කඳුළු මතින් ජීවිතයේ මතක ඇහිඳින ඇය මෙන්න මෙහෙම සටහනක් එක්කරලා තිබුණා..

“කතාව කොතනින් කෙලවර වුනත්,
අනේකාගේ ගෞරවය රැකිම,
ආදරනිය මිනිසුන් තුලින් විතරක්ම
ඇතිවන ලස්සන හැගිමක්..”

සතෙකුට අභය දානම දෙන එක මහඟු පිනක්.. ඒත් එක්කම ඔහු වෙනුවෙන් හැමදාමත් වගේ ගොඩක් පින්කම් සිදුකරන මැණික් , වසන්ත වෙනුවෙන් මෙන්න මේ වගේ පින්කමක් සූදානම් කරලා.. මැණික් ඒ ගැන කියලා එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

අභය දානමය පින්කමක් යනු, සසරේ උප නුපන් ආත්ම වල නිරෝගි සම්පත්තිය කායික මානසික සැනසිම ලැබිමට සහ බලවත් අකුසල් යටපත් වන, අපරමාන කුසල් ගංගාවක් එක් රැස් වන වන පින්කමකි.
අදට මගේ මහත්තයා
“සුරේන්ද්‍ර වසන්ත පෙරේරා”
අපි අතරින් නික්ම ගොස්
මාස 11 යි.
මේ උතුම් මහා පින්කමෙන්
ඔහු හට
අමා මහා නිවන බොහොමයක් දුර නොවේවා..
අවසන අපි සෑමට මෙ පින් කුසල් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධය පිනිසම හෙතු උප්කාර වේවා..
ඔහු ද
මහා අකුසල්වලින් නිදහස්
වේවා…
ඔබ සැමට ද ,අමා මහ නිවන බොහොමයක් දුර නොවේවා..”

Local Gossip