දෙවෙනි ඉනිමෙ රඟපාලා, මගේ අනිත් වැඩවලට කාලය දුන්නම තව ටෙලි නිර්මාණවලට වෙලාව හොයාගන්න අමාරුයි’ – රවීන් කණිෂ්ක.

දෙවෙනි ඉනිමෙ රඟපාලා, මගේ අනිත් වැඩවලට කාලය දුන්නම තව ටෙලි නිර්මාණවලට වෙලාව හොයාගන්න අමාරුයි’ – රවීන් කණිෂ්ක.

රවීන් කණිෂ්ක කියූ සැනින් මතකයට නැඟෙන්නෙ, ‘දෙවෙනි ඉනිම’
ඒ තරමට ඔහු ඊටම කැපවුණු ගාණයි.

රවීන් කියන විදියට ඔහු දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙලා මේ වෙද්දි අවුරුදු හතක් විතර ඇති.
ඒ නිර්මාණයේ ඇරුණාම, රවීන්ව දැකගන්න ලැබිලා තියෙන්නෙ සීමිත වූ නිර්මාණ ප්‍රමාණයකින් විතරයි. ඒ අතර වෙනත් ටෙලි නිර්මාණ නොමැති තරම්.

”ඇත්තටම දෙවෙනි ඉනිම නාට්‍යයේ රඟපාලා සහ ඉතිරි කාලය මගේ අනිත් වැඩවලට දුන්නට පස්සෙ මට තව ටෙලි නිර්මාණවලට දායක වෙන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. ඒ නිසා එතනින් එහාට තවත් නිර්මාණයකට දායක වෙන්නට හිතන්නවත් අවස්ථාවක් නෑ..”
වසර ගාණක් තිස්සෙ එකම නිර්මාණයක් එක්ක, එකම කණ්ඩායමක් එක්ක වැඩ කරන එකත් ලේසි කටයුත්තක් නෙවෙයි.

‘ඇත්තටම මේවා සෝප් ඔපෙරා ගණයට අයත්වන නාට්‍යනේ. ඉතින් අපිට ඇති වුණාට කරන්න දෙයක් නෑ. නාට්‍ය දිගටම යනවා. අපි අයින් වුණත් නාට්‍ය තියේවි. ඒක තමයි මේවයේ ස්වභාවය…
මට හිතට එකඟව වැඩ කරන්න නොලැබුණු මොහොතවල්වලදී ටිකක් කලකිරුණා. නමුත් අපි කතාබහ කිරීම තුළින් ඒ තත්ත්වයන් සමථය කරගෙන වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් වුණා ”

උපුටාගැනීම් : සඳමඬල | ප්‍රසාද් සමරතුංග

Local Gossip