Home දේශිය පුවත් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලාව, ඒ ළයාන්විත හඬට ආදරේ කරන සුවහසක්...

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලාව, ඒ ළයාන්විත හඬට ආදරේ කරන සුවහසක් දෙනා වෙනුවෙන් ලියැවුණු ඒ විශේෂ සටහන…

0
39

ඇය යුගයේ ගායිකාවයි.. ඇය ඉපදුණේ 1943 දී.. ඒ මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී යන නමින්…

හදවතේ තුරුළු වුණු මතකයන් ඇහැරවන , අපුරු ගීත ගැයුවේ ඇයයි..

ඈ අවුරුදු 12 සිට ගීත ගයමින් දක්‍ෂතම ගායිකා සම්මානයෙන් වැඩිම වාරයක් සම්මානයට සම්භාවනාවට පත්වූ ජාතියේ මහා ගායිකාව වෙනවා…

ඇගේ මනරම් මදුර හඬින් ගැයුණු බොහෝ ගී ලාංකීය හදවත් තුළ සදාකල් ගැඹුරින්ම නිදන් ගතවෙලා තියෙනවා…

නන්දා මාලනිය කියන්නේ අපිට ඉන්න අති දක්ෂ ගායිකාවකට…

ඇයට ඇත්තේ දිව්‍යමය හඬක්.
ඇය ලාංකීය ගීත ක්ෂේත්‍රයට පැමිණෙන සියලුම ගායිකාවන්ට අපූර්ව ආදර්ශයක් සපයන තැනැත්තියක් ඇයව ජාතියේ යශෝරාවය නමින්ද හඳුන්වනවා…

ජීවිතේ ආර්ථික දුෂ්කරතාවලින් හෙබි ළමා කාලය ජීවිතයට ආලෝකයක් දල්වා ගන්නට මග පාදා ගන්න තරම් ශක්තිමත් හදවතක් ඇත්තියක්… ඇය ලොවට ආදර්ශයක් වුණේ පුංචි කාලේ සිටයි…

ලාංකීය සුවහසක් රසික සිත් සුවපත් කරන ආනන්දනීය කටහඬකට පුළුවන් බව ඇය ඔප්පු කරලා තිබෙනවා…

එවන් මධුර හඬක් ලද ගීත කෝකිලාවියක් අප මව්බිමේ ඉපදීම පිනක්…

ඇයට දීර්ඝායුෂ ලැබේවා…

Previous articleගේම ඉල්ලපු ඉරානයට ට්‍රම්ප් දීපු පිලිතුර මෙන්න
Next article98 වියට පා තැබුවත් ඇය නම් තාමත් රැජිණක් වගේ… කවුරුත් ආදරේ කරන ඈ ගැන ඇසෙන ඒ කතාව කුමක්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights