Home දේශිය පුවත් හැමෝම පරිස්සමෙන්..! දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානම්…!

හැමෝම පරිස්සමෙන්..! දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානම්…!

0
72

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

එසේම අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල හා දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

 

esana

Previous articleඉන්දියාවට අපල කාලයක්..! ගුවන් යානා, හෙලිකොප්ටර් කඩා වැටුනු ඉන්දියාවේ උණුසුම යන්නත් පෙර සිදු වූ තවත් සංවේදී සිදුවීමක් මෙන්න..!
Next articleකොළඹ නගරාධිපති සටනට දිලිත්ගේ සර්වජන බලයේ සහය සජබෙට
error: Content is protected !!
Verified by MonsterInsights