Home දේශිය පුවත් ලෝ ප්‍රකට හොලිවුඩ් නළුවෙක් ලංකාවේ… මොකටද මේ ඇවිත් තියෙන්නේ ?

ලෝ ප්‍රකට හොලිවුඩ් නළුවෙක් ලංකාවේ… මොකටද මේ ඇවිත් තියෙන්නේ ?

0
69

සම්මානලාභී ලෝක ප්‍රකට හොලිවුඩ් නළු Jeremy irons ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ, මෙරට තුළ වැඩිම මුදලක් යොදවා රූගත කෙරෙන ‘The Caged Bird’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.
ඔහුව පිළිගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක ජාත්‍යන්තර මාධ්‍ය, චමින්ද මුණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

‘The Caged Bird’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසිනි.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා, සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් ද ඊයේ (17) මෙරටට පැමිණියා.

‘The Caged Bird’ චිත්‍රපට නිෂ්පාදනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව චිත්‍රපට සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සහ ජාත්‍යන්තර නළු නිළියන්ගේ සහ සිනමා ලෝලීන්ගේ ගෝලීය අවධානය මෙරටට ආකර්ෂණය කර ගැනීමයි.

channel e

Previous articleඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවන්නැයි රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දීලා.. ලංකාවේ අයට මොකද වෙන්නේ..?
Next articleගාසා තීරයේ තත්ත්වය නරක අතට – පැය 24ට ජීවිත 140ක් අහිමි වෙලා
error: Content is protected !!
Verified by MonsterInsights