Home දේශිය පුවත් කොළඹ පුරපති පුටුවට ගිය සුරූපි කතුන් ගැන ඔබ නොදත් කතාවක්..

කොළඹ පුරපති පුටුවට ගිය සුරූපි කතුන් ගැන ඔබ නොදත් කතාවක්..

0
76

ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වීමත් සමඟ, කොළඹ පුරපති පුටුවට ගිය සුරූපි කතුන් ගැන කාගෙත් අවදානය යොමුවෙලා.

පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් ඉතිහාසයට එක් වන්නෙ, කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය හැටියට.

හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය යි.
රෝසි සේනානායක කියූ සැනින් ලෝක රූ රැජිනක ලෙස කිරුළු පැළඳූ ඇයව ඔබට මතකයට නැඟෙනවා ඇති.
දේශපාලනයට අවතීර්ණ වීමට ප්‍රථම ඇය දක්ෂ, කීර්තිමත් නිරූපිකාවක්.

ඒ වගේම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස අභිනවයෙන් තේරී පත් වූ ව්‍රායි කැලී බල්තසාර් ද ජනප්‍රිය සංස්කෘතියේ කොටසක් බව ඔබ නොදන්නවාට සැක නෑ.

ඇය වසර දහයකට වැඩි කාලක් රූපවාහිනී ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක ලෙසත් කටයුතු කර තිබෙනවා.
ඒ වගේම ඇය නිරූපිකාවක්, චිත්‍ර ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ද වනවා.
ඇය ගැන සමාජ මාධ්‍ය තුළත් ලොකු කතාබහක් දක්නට ලැබෙනවා.

ඇගේ නමත් වැඩි පිරිසකගේ කතාබහට ලක්වුණු කාරණාවක්.
ව්‍රායි කැලී බල්තසාර්, බර්ගර් ජාතිකයෙක්. ඇගේ පියා ක්‍රිස්තියානි බර්ගර්. මව සිංහල බෞද්ධ.
ඒ නිසාම ඇයට උරුමව ඇත්තේ බර්ගර් නමක්. “ව්‍රායි” කියන්නේ ප්‍රංශ භාෂාවෙන් “සත්‍ය” යන තේරුම දෙන වචනයක් බැව් ඈ වරෙක කියලා තිබුණා.

දේශපාලන ක්‍රියාකාරිනියක හැටියට මේ නම වඩාත් කතාබහට ලක්වුණාට, ව්‍රායි කියන්නෙ ඉහත සඳහාන් කළාක් මෙන් පර්යේෂිකාවක් සහ කලාවට ලැදි කලාවත් එක්ක ගැවසෙන චරිතයක්.
කසුන් කල්හාරගේ “මත් මල් සේනා…” ගීයෙහි Official Music Video එකේ නිරූපිකාව විදියට නිරූපණයෙන් එක්ව සිටින්නේත් ඇයයි.

ඒ වගේම ව්‍රායි දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ද වෙනවා. ඇගේ පළමු උපාධියත් මෝස්තර නිර්මාණකරණය පිළිබඳව.

ඒ වගේම චිත්‍ර කලාවටත් උපන් හපන්කම් ඇති ඈ, අපූරු චිත්‍ර ශිල්පිනියක් ද වනවා.
ගෙවුණු කාලයේ ඇය “පාරාදීසයේ කුරුල්ලෝ (𝘽𝙄𝙍𝘿𝙎 𝙊𝙁 𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀)” මැයෙන් අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වනු ලැබුවා.

ව්‍රායි කියන විදියට ඇය චිත්‍ර කලාව තෝරාගන්නේ මානසික නිදහස වෙනුවෙන්.
ඇගේ චිත්‍ර කලාව තුළත්, ‘කුරුළු චිත්‍ර’ හරි විශේෂයි. ඒ නිසාමයි ඇයගේ මංගල චිත්‍ර ප්‍රදර්ශනයත් කුරුල්ලන් වෙනුවෙන් වෙන්වන්නේ.

channel e

Previous articleගාසා තීරයේ තත්ත්වය නරක අතට – පැය 24ට ජීවිත 140ක් අහිමි වෙලා
Next articleඊශ්‍රායලයේ ශ්‍රී ලාංකීය සාත්තු සේවිකාවකට ඉරානයේ මිසයිල ප්‍රහාරයක් නිසා අත් වූ සංවේදී ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights