Home දේශිය පුවත් ප්‍රතිදේහ එන්නත් කියලා අපිට දීලා තියෙන්නේ මොනවද කියලා දන්නවද ? රටම කැළඹූ...

ප්‍රතිදේහ එන්නත් කියලා අපිට දීලා තියෙන්නේ මොනවද කියලා දන්නවද ? රටම කැළඹූ ප්‍රතිදේහ එන්නත් පැටිකිරියේ ඇත්ත හෙලි වෙයි

0
62

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්’ ද්‍රාවණවල තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු බව ජර්මනියේ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අද (19) අධිකරණය හමුවේ අනාවරණ කළාය.

ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.

අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

මේ පිළිබඳ වැඩිවිස්තර වීඩියෝවෙන් නරඹන්න

Previous articleසබරගමු සිසුවාගේ සිද්ධිය ඇත්තටම නවක වදයක් නිසාද ? හෙලි වූ ඇත්ත මෙන්න
Next articleඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
error: Content is protected !!
Verified by MonsterInsights