Home දේශිය පුවත් ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

0
34

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඒ අනුව ඊයේ (19) දිනයේදී සිව්දෙනෙකු සඳහා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ බවත්, ඊශ්‍රායලයේ නිවාඩු දිනයන් වන අද (20) සහ හෙට (21) දිනවලත් තානාපති කාර්යාලය විවෘතව පවතින බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පිරිස් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොමැති බවත්, යුද්ධය ආරම්භ වූ ජුනි 14 වැනිදා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වී ඇත්නම්, නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව තමන්ට දැනුම් දී ඇති බවත් තානාපතිවරයා පවසා සිටියා.

Source – එසැණ

Previous articleප්‍රතිදේහ එන්නත් කියලා අපිට දීලා තියෙන්නේ මොනවද කියලා දන්නවද ? රටම කැළඹූ ප්‍රතිදේහ එන්නත් පැටිකිරියේ ඇත්ත හෙලි වෙයි
Next articleඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
error: Content is protected !!
Verified by MonsterInsights