Home දේශිය පුවත් කෙහෙළිය උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ… කර්මයෙන් ගැලවෙන්න නම් බැරිවෙයි…”...

කෙහෙළිය උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ… කර්මයෙන් ගැලවෙන්න නම් බැරිවෙයි…” ගිරිරාජ්ගේ දියණිය ෆේස්බුක් හී තැබූ සංවේදී සටහන මෙන්න.

0
33

පසුගිය රජය සමයේදී වාර්තා වූ කැපීපෙනෙන සිද්ධියක් වූ තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ වංචාව මේ වන විට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා…

ඒ, එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

ඊයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී තිබූ තොරතුරු රැසක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වුණා… ඒ තොරතුරු නිසා සමාජය තුළ මේ සිදුවීම ගැන විශාල කතාබහක් නැවත ඇතිවී තිබෙනවා…

ඒ , රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත්, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත්වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දැනුම් දීමත් සමඟයි…

රක්ෂිත බන්ධනාගත්ත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අප්‍රසාදයක් ඇතිව තිබෙනවා…

ඒ අතර , ගිරිරාජ් කෞශල්‍යගේ දියණිය facebook හී තැබූ සටහනක් සමාජය තුළ කතාබහට ලක්ව තිබෙනවා..

එම සංවේදී සටහනයි මේ…

කෙහෙළිය ට ලියමි!

පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ.

හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත් එක්ක රාජගිරියේ shop එකක. එවෙලෙම prescription එක ගෙන්නගෙන දන්න කියන හැම තැනකටම call කර කර බෙහෙත හොයන්න ගත්තා. හැම තැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නෑ කියලා.මට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති කමට shop එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා. මගේ යාලුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුණ contact එකකින්, එකම එක pharmacy යක බෙහෙත තියෙනවා කියලා දැන ගන්න ලැබුණට අදාළ brand එකෙන් නෙමෙයි බෙහෙත තිබුණේ. ඒත් Doctor කිව්වා තියන එක ගේන්න තාත්තා ට ඉක්මනටම බෙහෙත දෙන්න ඕනේ කියලා. Vial 7ක් ගන්න රු. 420,000.00 මුදලක් ගියා. එදා ඉදන් දවස් 3ක් ඒ බෙහෙත ඕනේ උණා. ලක්ෂ 15කට ආසන්න ගානක් ඒ දවස් තුනට විතරක් අපිට වියදම් උණා.

එදා තාත්තට දුන්නේ මෙන්න මේ IVIG (Iv human immunoglobulin) කියන බෙහෙත.

කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි

Previous articleරටක් වසඟ කල චූලක්ෂි එක්කල අලුත්ම අලුත් පිස්සු හැදෙන සරාගී පින්තූර නිසා මුලු බුකියම කැළඹිලා…
Next articleඅනතුරට පත් එයාර් ඉන්දියා යානය ගැන සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්
error: Content is protected !!
Verified by MonsterInsights