Home Uncategorized පිරිමින්ගේ ලොකුම ලෙඩේ සුවකර ගන්න. ඒ ගැන කනස්සල්ලෙන් ඉන්න ඔබ ඒ ඖෂධීය...

පිරිමින්ගේ ලොකුම ලෙඩේ සුවකර ගන්න. ඒ ගැන කනස්සල්ලෙන් ඉන්න ඔබ ඒ ඖෂධීය ගුණ තියෙන මුරුංගා ගැන දන්නවා නම් හැමදාම වුනත් ආහාරයට ගනී.

0
126

 

මුරුංගා කියන්නේ ලංකාව තුළ නම් සුලබ වූ ශාකයක්.

එහෙම දැකගන්න පුළුවන් වුණත්, බොහෝ දෙනා මේ ශාකයේ වටිනාකම නොදන්න නිසා එතරම්ම සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

මුරුංගා පත්‍ර ගොඩක් වෙලාවට ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි උෂ්ණ ආහාරයන් පිසීමේදී එම ආහාරවල පවතින උෂ්ණ ස්වභාවය අඩු කිරීම සඳහා යොදාගන්නවා.. ඒ විතරක් නෙවෙයි, පුරාණ කාලයේ ඉන්දියානුවන් අතර විශ්වාසයක් ලෙස මුරුංගා ශාකය දෙවියන් දුන් තෑග්ගක් ලෙසියි.

අපේ උතුරුකරයේ යාපන ද්‍රවිඩ සහා හින්දු ජනයා අතර අදටත් විවාහ උත්සවයන්වලදී මුරුංගා පත්‍ර යොදා ගැනීම සිදුකරනු ලබනවා. එයට හේතුව නම් මොවුන් අතර පවතින දැඩි විශ්වාසයක් නිසාවෙනි. එනම් පාරිශුද්ධය ,ශක්තිය, ආශිර්වාදය යන ත්‍රිත්වය නියෝජනය කරවන සංකේතයක් ලෙස මෙය හඳුන්වනු ලබනවා.

පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීමේ ප්‍රබල හැකියාවක් මුරුංගා ශාක පත්‍රය සහ කරල් සතු බව දෙමළ, හින්දු ජනයා ප්‍රබලවම විශ්වාස කරනවා. එම නිසා දකුණු ඉන්දියාවේ වගේම අපේ රටේ උතුරුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනයා ලිංගික ශක්තිය, ලිංගික ආකර්ෂණය කර ගැනීම සඳහා මුරුංගා ආහාරය සඳහා බහුලවම යොදා ගනු ලබනවා.

මුරුංගා කොළයේ සතු විශිෂ්ට ගුණය ගැන බොහෝ දෙනා තවමත් නොදන්වා වෙන්න පුළුවන්.

එහි විටමින් ඒ, විටමින් සී, විටමින් ඊ, යකඩ, කැල්සියම්, සින්ක්, ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක ගුණය පොටෑසියම්, වැනි සංඝටක ඉහළ ප්‍රමාණයකින් යුක්තයි.

ඒ වගේම, රුධිරය පිරිසුදු කරවයි, දරුවන්ගේ මතක ශක්තිය වගේම අස්ථි ශක්තිමත් කරවයි, කුසගිනි වඩවයි, ඇස් වලට ගුණදායකයි, ඔසප් කාලයේදී මතුවන රෝගයන් සමනය කරවයි, මළබද්ධය වළක්වයි, විශේෂයෙන් උෂ්ණ පළාත්වල ජිවත් වන අයට ඇතිවන උදෑසන මළ පහා පිට කිරීමේ අපහසුතා වළක්වා ගැනීම සඳහා මුරුංගා වෑංජනයක් ලෙස සාදා ආහාරයට එක් කර ගැනීම පාරම්පරික පුරුද්දක් ලෙස සිදු කෙරුණි.

අවුරුදු සිය ගණනාවක් ඈත අතීතයේ සිට ගැබිනි මව්වරුන් වගේම කිරිදෙන මව්වරුන් මුරුංගා කොළ විශේෂිත ආහාරයක් ලෙස ලබා දෙනු ලබනවා.

මුරුංගා මැල්ලුමක් ලෙස, පරිප්පු සමග මුරගා කොළ එකතු කරවීම, සලාද සෑදීම වැනි රසවත් ආහාරයක් ලෙස අපිට මෙය හරියට ගත හැකියි.

අපි මෙතරම් වෙලා කතා කලෙ මුරුන්ගා කොළයෙ ඇති ඖෂධීය වටිනාකම ගැනයි.

ඖෂධීය වටිනාකමින් එහා ගිහින් ඔබ දන්නවාද? මේ පත්‍රය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අද වෙද්දි බහුලම යොදා ගනු ලබන අමුද්‍රව්‍යයක් බව, මෙම පත්‍රය යොදා ගනිමින් ඔබට නිවසේදීම ඔබට රූපයේ අලංකරණයට යොදාගත හැකියි. මුරුංගා පත්‍ර වියළා කුඩුකර පව්ඩර් එකක් ලෙස සාදා එයට කිරි හෝ යෝගට් එකතු කර පැක් එකක් ලෙස සාදා භාවිත කරන්න පුළුවන්. එමගින් මුහුණේ රැළි අඩුකර, සමෙ ලප කැළැල් ඉවත් කර, තාරුණ්‍ය රැක දෙයි.

එසේම හිසකෙස් ගැන සැලකිලිමත්වෙන ඔබට මුරුංගා කොළ ටිකක් ගෙන කොටා එයට පොල්තෙල් එකතුකර මිශ්‍ර කර ඩබල් බොයිල් ලෙස රත් කර එය මදක් නිවුණු පසු කේෂ මූලයේ සහ කෙස්වල හොඳින් ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වගේම හිසකෙස් ආශ්‍රිත ගැටළු වළක්වා දිදුලන, ශක්තිමත් කෙස් කළඹක් ලබාගත හැකියි. ඒ විතරක් නෙවෙයි, මුරුංගා කොළ පවුඩර් එකක් ලෙස ගෙන මුලු සිරුරේම ආලේප කරන්න. එමගින් සමෙ පැහැය වර්ධනය කර දීප්තිමත් බව වඩවයි. ඒ විතරක් නෙවෙයි, මුරුංගා පත්‍ර කිහිපයක් මද පවනේ වේලා කුඩුකර එය උණුවතුරට දමා ටී එකක් මෙන් භාවිතා කරන්න පුළුවන්.

එමගින් යකඩ ඌනතාවය වළක්වා ගැනීමට ,සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ සහ විටමින් ලබා ගැනීමට වගේම, බර අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගැනීමට, හෘද රෝග සමනයට, මුත්‍රා රෝග වලට ගුණදායකයි වීම, සමේ පැහැය වැඩි කර ගැනීමට, හිස කෙස් වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය වර්ධනය කර ගැනීමට, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට, දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට වැනි බොහෝ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්.

Previous articleඇල්ල අනතුර වෙලාවේ ජීවිත බේරාගන්න දිවි හිමියෙන් කැපවුන ලන්ඩන් කෙල්ල එමී ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleපුංචි රෝස මලගේ අවුරුදු 2 සමරන්න පුබුදු – මාෂි එකතු වෙලා කරපු උතුම් දේ…
error: Content is protected !!
Verified by MonsterInsights