Home සයුරෙන් එහා පුවත් “ආයුබෝවන් ඉන්දියා..” සතුටෙන් ඉන්දියාවට සමුදුන් ඔවුන්ගේ ඉරණම එසේ ලියවෙයි කියා ඔවුන් කවදාවත්...

“ආයුබෝවන් ඉන්දියා..” සතුටෙන් ඉන්දියාවට සමුදුන් ඔවුන්ගේ ඉරණම එසේ ලියවෙයි කියා ඔවුන් කවදාවත් හිතන්නේ නැතුව ඇති..

0
75

ඒ අඳුරු මතකය අතර තවමත් සැඟවුණු කතා බොහෝමයි..

ඔවුන් දෙදෙනා අවසන් වරට නිකුත් කළ ඒ වීඩියෝවත් මේ වෙනකොට සමාජමාධ්‍ය තුළ බොහෝ සෙයින් සංසරණය වෙනවා..

මේ කියන්න යන්නේ ඔවුන්ගේ ඉරණම ගැන ඇසුණු ඒ කඳුළු කතාවයි.. ඊයේ මගීන් 242 දෙනෙකු සමඟ ගුවන් ගත වී මොහොතකට පසු අනතුරට පත් වූ ගුවන් යානයේ පියාසර කිරීමට වෙන්කරවා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙදෙනෙකු ගමන් කළා..

ජේමි රේ ග්‍රීන්ලෝ-මීක් සහ ෆියොංගල් ග්‍රීන්ලෝ-මීක් ඒ අතරට එක්වුණු තවත් දෙදෙනෙක්.. ඔවුන් ඉන්දියාවෙන් නික්මෙන්න මොහොතකට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැරුණේ ඉන්දියාවේදී ලැබුණු අත්දැකීම්වලට වගේම ඔවුන් අත්විඳි ඒ මතක වෙනුවෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වීමටයි..

ඔවුන් ඉන්දියාවේදී ගත කළ ඒ කාලය, ඒ රසවත් ආහාරපාන සේම ඔවුන් කාලය ගත කළ ස්ථාන ගැනත් මේ වීඩියෝව හරහා බෙදාගන්න මොවුන් දෙදෙනා අමතක කළේ නැහැ… කොහොම වුණත්, අද ඒ හැම දෙයක්ම මතක අතරම පමණක් එක්වුණු දේවල් අතර වුණා..

මොකද මේ දෙදෙනාත් මේ වන විට මේ දරුණු ගුවන් අනතුරෙන් ජීවිතයෙක් සමුගෙන තිබෙනවා

 

Previous articleඒ වාසනාවන්ත මිනිසා රමේෂ් බලන්න ගිය අගමැති ගැන ඇසෙන කතාව
Next articleඉන්දීය ගුවන් යානා අනතුරෙන් දිවි ගලවාගත් එකම මගියා පැවසූ ඒ ඇග කිරිපොලා යන බිහිසුණු අත්දැකීම..!
error: Content is protected !!
Verified by MonsterInsights