Home සයුරෙන් එහා පුවත් ඒ වාසනාවන්ත මිනිසා රමේෂ් බලන්න ගිය අගමැති ගැන ඇසෙන කතාව

ඒ වාසනාවන්ත මිනිසා රමේෂ් බලන්න ගිය අගමැති ගැන ඇසෙන කතාව

0
48

ඉන්දීය ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉන්දියාවට පැමිණ ආපසු යද්දී මෙම අනතුරට මුහුණ දුන් බව පැවැසෙයි.

ශ්වාෂ් කුමාර් රමේෂ් ඉන්දියාවට පැමිණ ඇත්තේ, 45 හැවිරිදි සොහොයුරා අජේ කුමාර් ද සමඟය. ගුවන් අනතුරින් අජේ කුමාර් මියගියේය. සුළු තුවාල ලබා දිවි බේරාගත් කුමාර් රමේෂ්, අහ්මදාබාද් රෝහලට ඇතුළත් කෙරුණි. දින කීපයකින් ඔහු රෝහලෙන් පිටවී යනු ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත.

ගුවන් අනතුර ගැන සැලවීමෙන් තමන් අතිශය කම්පනයට පත්වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, සමාජ මාධය ඔස්සේ සටහනසක් තබමිනි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ද අනතුර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බව නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගියේය. අනතුර සිදුවුණු ස්ථානය දැක බලා ගැනීමෙන් පසු මෝදි රෝහලට ගොස් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාෂ් කුමාර් රමේෂ් ද හමුවිය.

(එන්.ඩී.ටීවී.)

Previous articleලොවක් හඳුනන සුරූපී ඇයගේ හිටපු සැමියා ජීවිතයෙන් සමුගනී
Next article“ආයුබෝවන් ඉන්දියා..” සතුටෙන් ඉන්දියාවට සමුදුන් ඔවුන්ගේ ඉරණම එසේ ලියවෙයි කියා ඔවුන් කවදාවත් හිතන්නේ නැතුව ඇති..
error: Content is protected !!
Verified by MonsterInsights