අවුරුදු 10ක් තිස්සේ ගෙවල් දෙකක නම් දෙකකින් රහසිගතව ජීවත් වෙලා… පුදුමාකාර බළලෙකුගේ අපූරු කතාවක් මෙන්න

0
186

නවසීලන්තයේ wellington ප්‍රාන්තයේ සිටි ඇලෙක්සැන්ඩර් නම් පවුල විසින් 2000 අවුරුද්දෙදි ගෙනාව මෙම Siamese වර්ගයේ බළලාට “මි‍ං” කියන නම තියනවා .🐱❤️ මුල ඉඳලම ගෙදරින් එළියට රස්තියාදුවෙ යන්න පුරුදු වෙලා හිටිය මේ මිං ගැන කම්ප්ලේන්ස් ගොඩක් අසල්වාසී නිවෙස්වල අය ඇලෙක්සැන්ඩර් පවුලට කීපවතාවක්ම දැනුම්දීලා තිබුනා 😂 .නිතරම මේ වගේ එමින් යමින් සිටි මින් 2010 දී සම්පූර්ණයෙන්ම ගෙදර එන එක නතර කරනවා 🙂. මිං මියයන්න ඇති කියල එයාල හිතන්නෙ 😪 කොහොමහරි ඇලෙක්සැන්ඩර් පවුලත් පුදුම කරමින් ආයෙම අවුරුදු 4කට පස්සෙ 2014 දි මිං ගෙදර එනවා ❤️ ඊට පස්සෙ තමා මිංට මේ වැඩේ වරදින්න ගන්නෙ 😂 ඇලෙක්සැන්ඩර් පවුලෙ අය එකතු වෙලා මිං ව මයික්‍රොචිප් කරලා ආපහු යන්න දෙනවා 😴

ඊට පස්සෙ මිං ආපහු තමන්ගෙ දෙවනි රහසිගත නිවසට එනවා ❤️. ඒ ස්මිත් පවුලේ නිවසටයි. (ඔවුන් මිංව හැඳින්වූයේ ‘ක්ලියෝ’ යන නාමයෙනි.) ආපහු පැමිණි ක්ලියෝගෙ මයික්‍රොචිප් එක ගැන දැනගන්න ස්මිත් පවුල ඒක හරහා ඇලෙක්සැන්ඩර් පවුල සම්බන්ධ කරගන්නවා 😎 ඇලෙක්සැන්ඩර් පවුල සම්බන්ධ කරගෙන මේ ගැන කතා කරද්දි තමා ඔක්කොම විස්තර එලියට එන්නෙ 😊 ස්මිත් පවුලෙ අය කියන විදියට ක්ලියෝ එයාලගෙ පවුලට සම්බන්ධ වෙලා අවුරුදු 9ක් වෙනවා 😂💔 ඉතින් ඒක නිසා ක්ලියෝ දැන් පවුලේ කෙනෙක් වගේලු.. කොහොමහරි පවුල් දෙකේ අය මේ පූසාට හිටිය වගේම ගෙවල් දෙකේම ඉන්න දීලා ප්‍රශ්නෙ සාමකාමීව විසඳගන්නවා 😂❤️

ඉතින්.. ඔයාලගෙත් හිටිහැටියේම අතුරුදහන් වෙලා ගෙදර එන පූස් තඩියො විශ්වාස කරන්න එපා 😏 ගෙදරට හුරතල් චූටි පුතා උනාට Area එකේ extra ගෙවල් දෙකතුනක් තියෙනවා වෙන්න පුළුවන් 😂

ama rajapakshe.

Previous articleසුද්දගේ කාලේ ඩබල් ඩේකර් බස් එක අදටත් සැපට වැඩ… කොහොමද අපේ ඉංජිනේරුවන්ගේ වැඩ…
Next articleආදරේ කරන්න. අවංක වෙන්න. එතකොට හැම ආදර කතාවක්ම ලස්සනයි..” ඒ දෙන්නගේ අවුරුදු පහක ආදර කතාව ආයෙමත් අලුත් වෙලා..