Home සයුරෙන් එහා පුවත් ශ්‍රි ලාංකීය සිනමාවෙන් ඔබ්බට ගිහින් ජාත්‍යන්තරය ජයගත් අපේ අධ්‍යක්ෂකවරයා ඉලංගෝ රාම්…

ශ්‍රි ලාංකීය සිනමාවෙන් ඔබ්බට ගිහින් ජාත්‍යන්තරය ජයගත් අපේ අධ්‍යක්ෂකවරයා ඉලංගෝ රාම්…

0
286

ලාංකීය අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක්, Netflix වේදිකාවට

මේ දවස්වල වඩාත්ම කතාබහට ලක්වෙන සිනමා අධ්‍යක්ෂවරයා තමයි ඉලංගෝ රාම්.

ඔහුගේ “නෙළුම් කුළුණ” සිංහල සිනමා සිත්තම, මේ වෙද්දි ලාංකීය සිනමා රසවතුන් අතර ඉතාම ජනප්‍රියයි.

මෙය මෑතකාලීනව මෙරට සිනමාවේ අපි දැක්ක හොඳම Dark Comedy සිනමා නිර්මාණය කිව්වොත් හරි.

කාලයක් ඇල්මැරුණු ස්වභාවයක් ගත්තු අපේ සිනමාව, දැන් ආයෙම පණ ගහලා ඇවිත්.

” නෙළුම් කුළුණ ” බලන්න පිරෙන සිනමා ශාලා සහ චිත්‍රපටය තිරයේ දිවෙන කාලය පුරාවටම සිනමා රසවතුන් අතරෙ තියෙන උද්‍යෝගය ඊට සාක්ෂියි.

ලාංකීය සිනමා ශාලා එහෙම පිරෙද්දි, ඔබ දැනටමත් දන්නවා ” නෙළුම් කුළුණ ” තවත් රටවල ප්‍රතිනිර්මාණය වන බව.

ඉලංගෝ විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ” Perusu ” කියන්නෙත්, නෙළුම් කුළුණෙහි ම එවන් ප්‍රතිනිර්මාණයක්.

ඉතින්, “Perusu” විකාශනය කිරීමේ අයිතිය මේ වෙද්දි,, Netflix විසින් ලබාගෙන තියෙනවා.

ඒ අනුව, එළඹෙන අප්‍රේල් 11 වැනිදා පටන්, Netflix ඔස්සේ ලෝකය පුරා සිටින සියලුම දෙනාට Perusu නැරඹිය හැකියි.

චිත්‍රපටය Netflix හි විකාශය වෙන්නෙ දෙමළ, තෙළිඟු ,කන්නඩ සහ මලයාලම් බසින් හඬකවා වීමත් විශේෂයි.

#nelumkulunamovie #IlangoRam #Tentigo #srilankacinema

Previous articleඇය නම් ඔසරියට අලුත්ම ලස්සනක්.. තරුකා කඩා වැටෙන තරම් ලස්සන තාරුකාගේ ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකක් මෙන්න…
Next articleඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරක්ෂාවට ඉන්න සුපිරි වැඩ්ඩෝ ගැන දැනගන්න කැමතිද ?
error: Content is protected !!
Verified by MonsterInsights