ප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කරන අපේ පුංචි හුරතලිය.. “යොහානි”ඇගේ සිහිනය හැබෑ කරගනී..

0
293

“පුංචි යොහානිගේ ” සිහිනය සැබෑ වෙයි…
ශ්‍රී ලංකාවේ සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් ගන්නා Air Lanka යානයට පසුගියදා එක් සුවිශේෂී අමුත්තියක් ගොඩ විය. සම්පූර්ණයෙන් ජාතික ගුවන් සේවයේ නිල ඇදුමට සමාන ඇඳුමකින් සැරසුණු මේ පුංචි හුරතලියගේ නම යොහානී. පුංචි කාලේදීම ඇගේ ලොකුම බලාපොරොත්තුව අනාගතයේදී Air Lanka ගුවන් සේවිකාවක් වීමයි. ඒ ආසාව නිසාම මේ විශේෂ ගුවන් සේවිකා නිල ඇදුමෙන් දෙමාපියන් සමග යානයට ගොඩ වූ ඇයට VIP අමුත්තියකට සේ සැලකීමට යානයේ ගුවන් නියමුවන් සහ කාර්‍ය මණ්ඩලයම ඉදිරිපත්විය.
ඇයට යානයේ සියලු ස්ථාන නැරඹීමට රැගෙන ගොස් ඇගේ ආශාව සම්පූර්ණ කිරීමට කවදත් කාරුණික ආගන්තුක සත්කාර දත් එයාර් ලංකා ගුවන් සේවාවේ මේ කණ්ඩායම ක්‍රියා කිරීම මුලු ගුවන් යානයේ සැමගේ පැසසුමට ලක් විය.

Previous articleමං ප්‍රංශයේ ළමයා තියලා තරගයට ගියේ ” ලෝක විවාහක රූ රැජින අනුශූරතාවය දිනලා අමන්දා කියන කතාව
Next articleමෑත කාලයේ ලංකාවේ ඉන්න ලස්සනම නිලිය “නිම්නාවී” ඇයටත් මංගල සීනූ…