Home දේශිය පුවත් 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා දිවයිනෙන් පිටව යයි.

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා දිවයිනෙන් පිටව යයි.

0
421

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (22) දින සිට එළැඹෙන 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.

සබීනා යූසෆ් මහත්මියට සුබ පැතීම සඳහා වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Previous articleඩොක්ටර්ලා ලෙඩක් නෑ කියන, ඒත් ඔයාට හොදටම අමාරු වෙන අමුතූ ලෙඩේ!
Next articleතට්ටම්වල සිට කකූල් දෙසට කරන්ට් එකක් යනවා වගේ වේදනාවක් ඔයාටන් තියෙනවද?
error: Content is protected !!
Verified by MonsterInsights