Home දේශිය පුවත් ඇය මනමාලියක් වෙන්න හීන දැක්කා, ඒත් දෛවය ඇයට දුන්නේ සොහොන් කොතක්! නිමාවක්...

ඇය මනමාලියක් වෙන්න හීන දැක්කා, ඒත් දෛවය ඇයට දුන්නේ සොහොන් කොතක්! නිමාවක් නොවෙන ප්‍රේම කතාවක ආදරණීය මතකය

0
147

ඇය මනමාලියක් ලෙස සැරසී තමා අසලට එන දවස ගැන ඔහු දහසක් හීන දකින්නට ඇති. ආදරයෙන් ලං වී, අනාගතයක් ගැන ලස්සන බලාපොරොත්තු පොදි බැඳගත් ඒ සොඳුරු ගමන අතරමඟදී නතර වෙයි කියා ඔහු කවදාවත් හිතන්නට නැතුව ඇති. නමුත් දෛවය සරදම් කරමින්, හදිසි අසනීපයක් නිසා ඇය ඔහුටත් වඩා මේ ලෝකයටත් සමුදී සදහටම යන්නට ගියා.

​අද කාලේ ආදරය කියන වචනය විහිළුවක් කරගත්තු මිනිස්සු ඕනෑතරම්. ලඟට ඇවිත් හීන පෙන්වලා, බොරු පොරොන්දු දීලා, කාලයත් එක්ක වෙනස් වෙලා හිත් කඩලා යන අය අපිට නිතරම දකින්න ලැබෙනවා. ඒ අතරේ ගැහැණු පිරිමි භේදයක් නැහැ.

​හැබැයි මේ පිරිමි ළමයා වෙනස්…

​ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම දෙස බැලූ විට පවා පෙනෙන්නේ ඇය ජීවත් වූ කාලයේ ඔහු ඇයට කෙතරම් ආදරය කළාද යන්න පමණක් නොවේ. ඇය නැති අදටත්, ඒ ආදරය මියගොස් නැති බවයි.

​අපි අසා ඇති කතාවක් තිබෙනවා, “ජීවත් වෙලා ඉද්දි දෙන්න බැරි මල්, මැරුණාම මොකටද” කියා. නමුත් ඔහු ඒ කතාව වෙනස් කළා. ඔහු ඇය ජීවත් වූ කාලයේත් පණ මෙන් ආදරය කළා, ඇය මියගිය පසුවත් මල් පොකුරු අරගෙන ඇය සොයා යනවා. මතකයන් අමතක කරන්නට ඔහුට උවමනා නැහැ.

​බොහෝ දෙනෙක් අහනවා, “තාමත් මෙහෙම පිරිමි ඉන්නවද?” කියා.
​ඔව්… ඇත්තටම ඉන්නවා. ඒ වගේ මිනිස්සු ඉන්නේ චිත්‍රපටවල හෝ නවකතාවල විතරක් නෙමෙයි, අපේ මේ සැබෑ ජීවිතය ඇතුළෙත් ඉන්නවා. හැබැයි එවැනි අවංක හදවත් ඇති මිනිසුන් හමුවීම අතිශය දුර්ලභයි.

​මෙතරම් ගැඹුරු ආදරයක් ලබන්නට ඇය ඇත්තටම වාසනාවන්තියක්. ඒත් හිතට දැනෙන ලොකුම දුක තමයි, ඇයි මේ වගේ අවංක ආදර කතා ඉක්මනටම අවසාන වෙන්නේ?
උපුටාගැනීමකි

Previous articleමෙරට කලා ක්ෂේත්‍රයේ ගායනයෙන් සහ රංගනයෙන් පිදුම් ලැබූ අති දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක් වූ ඇය හදිස්සියේම දිවි රග මඩලින් බැස යයි.
Next articleරටම කතා කළ රන්මාල සිද්ධිය ගැන, භානුක රාජපක්ෂ පළමුවරට හඬ අවදි කරයි !
error: Content is protected !!
Verified by MonsterInsights