Home සයුරෙන් එහා පුවත් ඇය නම් හැබෑම වාසනාවන්තියක්.. මොකද්ද මේ ඇසෙන අමුතු කතාව..

ඇය නම් හැබෑම වාසනාවන්තියක්.. මොකද්ද මේ ඇසෙන අමුතු කතාව..

0
7
මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්. 


2016 අගෝස්තු 14 වන දින, Cebu Pacific ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි සිට පිලිපීනයේ මැනිලා බලා පියාසර කරමින් තිබුණි.

එහි ගමන් කළ එක්තරා කාන්තාවකට අනපේක්ෂිත ලෙස ප්‍රසව වේදනාව හටගත්තේ යානය අඩි 30,000ක් ඉහළ අහසේ තිබියදීය.

එම මවගේ දරු ප්‍රසූතියට තවත් මාස දෙකක කාලයක් ඉතිරිව තිබුණි. ඇය ගුවන් යානයට ගොඩවන විට සති 32ක ගැබිනියක වුණා.

ගුවන් ගමන ආරම්භ වී පැය හතරකට පමණ පසු ඇයට ප්‍රසව වේදනාව ඇති වුණා. ගුවන් කාර්ය මණ්ඩලය වහාම වෛද්‍ය සහාය ඉල්ලා සිටි අතර, මගීන් අතර සිටි හෙදියන් දෙදෙනෙකු උදව්වට ඉදිරිපත්වුණා.

යානයේ ඉදිරිපස කොටස තාවකාලික ප්‍රසූතිකාගාරයක් බවට පත් කෙරුණා. “අපට ඇසුණේ මවගේ මද කෑගැසීමක් සහ ඉන් තත්පර කිහිපයකට පසු කුඩා බිළිඳියකගේ හඬයි,” යැයි එහි සිටි මගියෙක් පවසා තිබුණේ බොහොම ආදරණීය විදිහටයි.

මෙම සුවිශේෂී සිදුවීම සැමරීම සඳහා Cebu Pacific ගුවන් සේවයේ සභාපති ලාන්ස් ගොකොන්ග්වේ (Lance Gokongwei) මහතා විසින් හේවන් බිළිඳියට ගෙට්ගෝ (GetGo) ලකුණු මිලියනයක් තෑගි කළා.

“මෙම ලකුණු මිලියනයට කිසිදු කල් ඉකුත්වීමේ දිනයක් නොමැති අතර, ඇයට ඇගේ ජීවිත කාලය පුරාම එම ගුවන් සේවයේ නොමිලේ ගමන් කිරීමට මෙයින් අවස්ථාව හිමිවේ.”

බිළිඳියගේ සහ මවගේ ආරක්ෂාව වෙනුවෙන් යානය ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත හදිසියේ ගොඩබස්වන ලදී.

ඇය උපන්නේ ඉන්දීය ගුවන් සීමාවේ වුවද, ඇයට හිමිව ඇත්තේ පිලිපීන ගුවන් ගමන් බලපත්‍රයක්.

ඇයට ලැබුණු මෙම ලකුණු ප්‍රමාණය ඇගේ පවුලේ සාමාජිකයන් සමඟද බෙදා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

හේවන්ගේ පළමු හුස්ම පොද වූයේ ගුවන් යානය තුළ ප්‍රතිචක්‍රීකරණය වූ වාතයයි. ඇගේ උපතේ සාක්ෂිකරුවන් වූයේ නන්නාඳුනන මගීන් පිරිසක්.

අද ඇය එම ගුවන් සේවයේම යානයකට ගොඩවන සෑම අවස්ථාවකම, තම උපතේ අසිරිමත් මතකය අලුත් වනු නිසැකයි.
Previous articleජීවිතය තන අග පිණි බිදක් කියලා මට දැනෙන්න පටන් ගත්තා.. අපේ ආදරණීයන්ට අපිව මෙහම අතහැරලා යන්න හැකිද කියලා හිතුණා..” වසර ගණනකට පසු නැවතත් ඇයගේ මතකය අවදිකළ දීපිකා..
Next articleප්‍රංශ තරුණියකට අතවර කළ ‘ටැක්සි පැදවූ’ සරසවි සිසුවා පොලිස් දැලේ.
error: Content is protected !!
Verified by MonsterInsights