ලොවක් හඬවමින් ජනප්‍රිය ගායිකාවක් වූ ඇය හදිසි අන තුරකින් මෙලොව හැර දා ගිහින්….

0
366

රසිකයින් කම්පනයට පත් කළ තවත් එක් සංවේදී පුවතක්..

ඇය මියයන්නට පෙරාතුවත් ඇගේ රසිකයින් වෙනුවෙන් ප්‍රසංගයක ගීතවත් වෙලා…

“No More Rain (In This Cloud)” සහ “Wish I Didn’t Miss You” වැනි ජනප්‍රිය ගීත ගායනා කළ ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ඇන්ජි ස්ටෝන් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

මිය යන විට ඇය 63 හැවිරිදි වියේ පසුවුණා..

පසුගිය සිකුරාදා ඇලබාමා ප්‍රසංගයකට ගොස් ජෝර්ජියාවේ ඇට්ලන්ටා වෙත ගමන් කරමින් සිටියදී ඇය මෙම අනතුරට මුහුණ දී තිබෙනවා..

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෑන් රථය තුළ නව දෙනෙකු සිට ඇති අතර අනෙක් අය තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ..

දකුණු කැරොලිනාවේ කොලොම්බියාවේ උපත ලැබූ ස්ටෝන්ගේ විනෝදාස්වාදයේ දශක හතරක වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ 70 දශකයේ අගභාගයේදී “Funk You Up” ජනප්‍රිය ගීතය පිටුපස පුරෝගාමී කාන්තා රැප් කණ්ඩායමක් වන The Sequence හි සාමාජිකාවක් ලෙසයි..

පසුව ඇය 1999 දී “Black Diamond” සහ 2001 දී “Mahogany Soul” ඇතුළු ඇල්බම සමඟ ඒකල කලාකාරිනියක් ලෙස R&B සංගීතයට යොමු වී තිබෙනවා..

Previous articleමෙන්න කාන්තා ඔබට සතුටු හිතෙන ආරංචියක්…! ඒ දවස් ටික නම් කාන්තාවටම වෙන් කරපු දවස් ටිකක් වේවී… විස්තරේ මෙන්න…
Next article” මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙමෙයි. මට ඕනි මාව දරාගන්න පුළුවන් කෙනෙක්..” – උමාලි කියපු ආදරණීය කතාව මෙන්න.