මෙන්න කාන්තා ඔබට සතුටු හිතෙන ආරංචියක්…! ඒ දවස් ටික නම් කාන්තාවටම වෙන් කරපු දවස් ටිකක් වේවී… විස්තරේ මෙන්න…

0
174

කියන්න හදන්නේ කාන්තා ඔබට සතුටු හිතෙන පුවතක්…

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වැනිදාට යෙදී තිබෙනවා….

ඒ සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ අනුව, අද සිට (02) සිට ලබන 08 වැනිදා දක්වා ඇති කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.

“තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාව වී තිබෙනවා.

මෙවර කාන්තා දින සැමරුම් උළෙල බත්තරමුල්ල, “සුහුරුපාය” ශ්‍රවණාගාරයෙදී පැවැත්වෙනවා.

ඒ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන ගේ සංකල්පයක් පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන්.

මේ අතර කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සහ ඔවුනට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් මාර්තු 05 සහ 06 යන දෙදින පුරා “ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

Previous articleරන්කැටියා තුරුළු කරන් මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ හුගාක් සතුටින්… පුංචි හීනටිගල ගැන මාධවී කියන්නේ හරි ලස්සන කතාවක්…
Next articleලොවක් හඬවමින් ජනප්‍රිය ගායිකාවක් වූ ඇය හදිසි අන තුරකින් මෙලොව හැර දා ගිහින්….