| ”රැජිණියේ” චිත්‍රපටයෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ. අපි ඉතාම හොඳ දක්ෂයෝ ටිකක් තෝරගෙන තියෙනවා. ලංකාවේ ඔයිට වැඩිය හොයාගන්න බැරි වෙයි මට. – රැජිණියේ නිෂ්පාදක ආචාර්ය ජයන්ත ධර්මදාස |
“රැජිණියේ” සිනමාපටයේ මුහුරත් උළෙල දා, චිත්‍රපටය ගැන කියූ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා…
”අපේ රටේ දක්ෂයෝ ඉපදුණා. අති දක්ෂයෝ හිටියා. ශ්‍ර්‍රේෂ්ඨයෝ හිටියා. විශිෂ්ඨයෝ හිටියා. ඒකෙ උඩටම ගිය එක්කෙනෙක් තමයි මේ රැජින.
මම ළඟින් ආශ්‍රය කළා අවුරුදු විසිගාණක්. නිතර නිතර අපේ ගෙදර ආවා ගියා. කා ගැනවත් කේලමක් කිව්වෙ නෑ.
අපි චිත්‍රපට ගැන, කලාව ගැන, කළ යුතු දේවල් ගැන හුඟක් කතා කළා.
දවසක් අපේ ගෙදරදී කතා කරන ගමන් කිව්වා, එයා ගැන පොත් කීපයක් ලියවිලා තියෙනවා. හැබැයි චිත්‍රපටයක් කවුරුත් ගැහුවෙ නෑ, සමහරවිට ඒක පාඩුවෙයි කියලා හිතලා වෙන්න ඇති කියලා කිව්වා.
මම ඒක හිතට ගත්තා.
ඕක මම තව දවසක් කියනකොට, අපි කට්ටිය ඉන්න තැන ජනක හිටියා. ජනක කිව්වා අපි ඒක කරමු කියලා. එදා තමයි අපි මේකට මුලපිරුවෙ.
හැබැයි මාලිනි අක්කා අසනීප වෙලා එහෙම ඉන්න නිසා අපි දෙන්නා පොඩ්ඩක් පස්ස ගැහුවා. ටිකක් අවුරුද්දක් විතර යනකල් හිටියා. ඊට පස්සෙ තමයි මේක පටන් ගත්තෙ.
ඉස්සරහට ඉන්න පරම්පරාව පොත් කියවන එක අඩුයි. චිත්‍රපටයක් වගේ තිබුණොත් ඒක බලයි කියලා අපි හිතුවා. ඒක නිසා තමයි වෙන දෙයක් වෙන්න මේක පටන් ගත්තෙ.
අපිට ඉන්නෙ මාලිනී අක්කා, රවී අයියා. ඒගොල්ලන්ව බලාගන්න ඕනි අපි. ඒක හැමදාම කරනවා.
”රැජිණියේ” චිත්‍රපටයෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ. අපි ඉතාම හොඳ දක්ෂයෝ ටිකක් තෝරගෙන තියෙනවා. ලංකාවේ ඔයිට වැඩිය හොයාගන්න බැරි වෙයි මට. මේක ඉතාම වටින චිත්‍රපටයක් වෙයි. හැමෝගෙම ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. පොඩි පොඩි ගොසිප් ටිකක් ගියා. ඒකෙන් තව ටිකක් අපිට ප්‍රචාරයක් හම්බුණා. ඒක නවත්තන්න එපා. ජයන්ත ධර්මදාසට ගහන්න ගහන්න ප්‍රචාරයක් හම්බෙනවා. මම ආස ඒකයි.
අපි මේ ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නෙ නෑ, කවුරු මොනව කිව්වත්. ඉස්සරහටම යනවා.”
#ChannelE












