මධුසමය ගත කරන්න ආපු ඔහුට අත්වුනු දුක්බර ඉරණම…

0
253

හික්කඩුව ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෑතකදි විවාහ දිවියට පත්ව සිය මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි 38 හැවිරිදි රුසියන් ජාතිකයෙක්.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු බව සදහන්.

මියගිය පුද්ගලයා දිය නාමින් සිටියදි දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදී ජීවිත ආරක්ෂකයින් එහුව බේරා ගැනීමට උත්සාහ දරා ඇති නමුත් එය ව්‍යර්ථව ගොස් තිබෙනවා.

පසුව අදාළ පිරිස මුහුදු පත්ල පිරිකමින් සිටියදී ගල්පරයක සිරව සිටියදී බේරාගෙන ගොඩබිමට රැගෙන ඇති නමුත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මියගිය රැසියන් ජාතිකයාගේ සිරුර ඊයේ රාත්‍රියේම බලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දින බලපිටිය මූලික රෝහලේදී පැවත්වීමට නියමිතයි.

Previous articleපුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…
Next articleරසික හදවත් නැලවූ වික්ටර් රත්නායකයන් සිය ආදරණීය බිරිඳ එක්ක මේ කරලා තියෙන සුන්දර වැඩේ දැක්කද ?