🛑 අම්මට නරක වචන වලින් බනින, තාත්තගේ සල්ලි විනාස කරන නොහික්මුණ
බ්‍රිතාන්‍යය කෙල්ලෝ දෙන්නා ලංකාවේ බෞද්ධ පවුලකට බාර දෙනවා..
ඊට දවස් 8කට පස්සේ වෙච්චේ දේ නිසා හැමෝගෙම ඇස් උඩ ගියා.. 🇱🇰🇬🇧
මහපාරේදී අම්මට ලෝකේ තියෙන පහත්ම වචන වලින් බනින, තමන්ට ඕන විදියටම රස්තියාදුවේ යන්න ඕන කියන, පාලනයෙන් තොර දඟකාර කෙල්ලෝ දෙන්නෙක් ලංකාවේ ඉතාම විනයගරුක බෞද්ධ පවුලකට ගෙනත් දැම්මොත් මොනවා වෙයිද? මේක ඇත්තම ඇත්ත කතාවක්, ලෝකප්‍රකට ‘The World’s Strictest Parents’ වැඩසටහන හරහා ලංකාවේදී සිද්ධ වුණු සැබෑ අත්දැකීමක්
අද අපි කතා කරන්නේ 17 හැවිරිදි නිකී (Nikki) සහ 18 හැවිරිදි ජෙරී (Jerry) ගැන. මේ දෙන්නා එංගලන්තයේදී තමන්ගේ දෙමව්පියන්ට අපාය පෙන්නපු දෙන්නෙක්. නිකී කියන්නේ පුදුමාකාර තරහක් තියෙන, මවට හෘදයාබාධයක් තිබුණත් ඒ ගැන වගක් නැති කෙල්ලෙක්. ජෙරී කියන්නේ කිසිම රස්සාවක් නොකර තාත්තාව ඇවිදින මුදල් පසුම්බියක් විදියට සලකන, මේකප් එකටයි ෂොපින් වලටයි එක එක කඩවල් වලින් කන්නයි විතරක් ජීවත් වෙන කෙනෙක්.
තමන්ගේ දරුවන්ව පාලනය කරගන්න බැරිම තැන, බ්‍රිතාන්‍යයේ මව්පියන් ලෝකයේ දැඩිම විනයක් ඇති දෙමාපියන් සොයා යන BBC නාලිකාවේ “The World’s Strictest Parents” වැඩසටහනට තම දරුවන්ව භාර දෙනවා. එලෙස පාලනයෙන් තොරව හැදුණු බ්‍රිතාන්‍ය තරුණියන් දෙදෙනෙකුට ලංකාවේ විනයගරුක බෞද්ධ පවුලක ගත කරන්න ලැබුණු දින 8ක අත්දැකීම ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු කළ හැටි අද අපි කතා
🏠 ලංකාවට ආපු නිකීටයි ජෙරීටයි මුලින්ම ලංකාව පෙනුනේ හරිම පීඩාකාරී විදියකට. මෙහෙ සුඛෝපභෝගී කාර් නැද්ද, මෙහෙ විලාසිතා නැද්ද.. මෙහෙ ක්ලබ් නැද්ද.. කියලා එයාලා මුලින්ම පිළිකුල් සහගතව ඇහුවා. ඒත් එයාලා නවාතැන් ගත්තේ කොළඹ ජීවත් වුණු ඉතාම ධනවත් ඒ වගේම උගත් ද සිල්වා පවුලේ.
පවුලේ ප්‍රධානියා වන සිල්වා මහත්මයා මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙක් (CEO) වුණත් ඔහු සහ පවුලේ අය ගත කළේ ඉතාම සරල බෞද්ධ ජීවන රටාවක්. ඔවුන්ගේ ගෙදර දරුවන්ට ෆෝන් නෑ, ටීවී නෑ. දරුවන්ව අනවශ්‍ය විදියට හුරතල් කිරීමෙන් තමයි සමාජයට වැඩක් නැති නරක් වුණු මිනිස්සු බිහි වෙන්නේ… ද සිල්වා මහත්මිය එහෙම කියද්දී මේ කෙල්ලෝ දෙන්නා හිටියේ පුදුම තරහකින්.
🔥කතාවේ ලොකුම ගැටුම ඇතිවුණේ දුම්වැටි නිසා. ද සිල්වා මහත්මයා ස්ථිරවම කිව්වා මගේ ගෙදර කාටවත් දුම්පානය කරන්න බෑ කියලා. මේක ඇහුවම නිකී සහ ජෙරී පවුලේ අයට අමු කුණුහරුපෙන් බැණ වැදුණා. අපි සිගරට් බොන එක අපේ අයිතියක් කියලා එයාලා තර්ක කළා. අපේ නිදහසට බාධා කරන්න තමුසෙලා කවුද කියලා ඔවුන් කෑගැසුවා.
ඒත් ද සිල්වා මහත්මයා එක අඩියක්වත් පස්සට ගත්තේ නෑ. මගේ ගෙදර ඉන්නවා නම් මගේ දරුවෙක් විදියට ඉන්න ඕන, නැත්නම් දැන්ම වැඩසටහන නවත්තලා ආපහු යන්න පුළුවන් කියලා ඔහු දුන්න දැඩි නියෝගය හමුවේ මේ කෙල්ලෝ දෙන්නාට දණ නමන්න සිද්ධ වුණා. අවසානයේදී තමන්ගේ වැරැද්ද තේරුම් ගත්ත කෙල්ලෝ දෙන්නා තමන්ගේ සිගරට් පැකට් ටික ද සිල්වා පවුලට භාර දීලා විනයට යටත් වුණා.
එතැනදී මැන්ඩි ද සිල්වා මහත්මිය ඒ දෙන්නව වැළඳගෙන පිළිගත්ත ආකාරය හරහා ඔවුන්ට දැනුණේ දඬුවමකට වඩා ආදරය පදනම් කරගත් විනයක් ලංකාවේ පවතින බවයි.
🌿 වැඩක් නොකර අනුන්ගේ සල්ලි වලින් ජීවත් වුණු ජෙරීට සහ නිකීට වැඩ කිරීමේ වටිනාකම කියා දෙන්න ඔවුන්ව කුරුඳු වත්තක වැඩට රැගෙන ගියා. මඩ වතුරේ ඇවිදින්න බැරි බවත්, තම සපත්තු අපිරිසිදු වන බවත් පවසමින් ඔවුන් මුලින්ම ලොකු “සෝබනයක්” දැම්මා.
නමුත් උදේ 6 සිට රෑ 12 වෙනකම් ඉතාම අඩු මුදලකට කුරුඳු තලන, දුක් මහන්සියෙන් ජීවත්වන ගැහැනු අයගේ කතාව අහද්දී නිකීගේ හදවත උණු වුණා. “මගේ අම්මා මෙහෙම කට්ටක් කෑවා නම් මම කවදාවත් ඇයට වද දෙන්නේ නෑ” කියලා නිකී කඳුළු පුරවාගෙන කියද්දී, ඇය තුළ සැඟවුණු මනුස්සකම මතු වෙන්න ගත්තා. තමන් කෙතරම් ආත්මාර්ථකාමීද යන්න ඔවුන්ට පළමු වතාවට වැටහුණේ එතැනදීයි.
💄 තමන්ගේ පෙනුම ගැන විතරක් හිතපු ජෙරීව කැඳවාගෙන ගියේ ආබාධිත පුද්ගලයින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයකට. ජෙරීගේ එකම දක්ෂතාවය වුණු මේකප් කලාවෙන් ඒ අසරණ මිනිස්සුන්ව ලස්සන කරන්න ඇයට අවස්ථාව ලැබුණා. ඒත් ඒ මිනිස්සුන්ගේ පෙනුම සහ ඔවුන් ඇයගේ අතින් ඇල්ලීම නිසා ජෙරී දැඩි ලෙස බියට පත් වුණා. පසුව නැවත පැමිණ ඔවුන්ව ලස්සන කරන්න එකඟ වුණා.
ආබාධිත අම්මලාගේ අත් අල්ලලා, ඔවුන්ව ලස්සන කරලා, ඔවුන්ගේ මුහුණේ ඇති වුණු සිනහව දැක්කම ජෙරීට තමන්ගේම ආත්මාර්ථකාමී බව තේරුණා. මම මෙච්චර කාලයක් හිතුවේ මගේ පෙනුම ගැන විතරයි, ඒත් අද මට තේරුණා අනුන්ට උදව් කිරීමෙන් ලබන සතුට ඊට වඩා කොච්චර වටිනවද කියලා කියලා ජෙරී හැඟීම්බරව ප්‍රකාශ කළා.
🙏 නිකීගේ පාලනය කරගත නොහැකි කෝපය පිටුපස තිබුණේ ඇගේ අතීතයේ රහසක්. අවුරුදු 13ක් යනතුරුත් තමන්ගේ සැබෑ පියා කවුදැයි ඇය දැන සිටියේ නැහැ. ඇගේ මව ඒ රහස වසන් කිරීම නිසා නිකී තුළ මව කෙරෙහි දැඩි වෛරයක් ඇති වී තිබුණා.
සිල්වා මහතා ඇයව පන්සලට රැගෙන ගොස් භාවනා කරන්න ඉගැන්නුවා.
මුලින්ම සපත්තුව ගලවන්නවත් අකමැති වුණු නිකී, අවසානයේදී භික්ෂූන් වහන්සේ ඉදිරියේ භාවනා කරද්දී ඇගේ හිතට කවදාවත් නොදැනුණු සැනසීමක් දැනුණා. “භාවනාව කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා මම හිතුවේ. ඒත් අද මම මම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා” කියලා නිකී කියද්දී ඇගේ දෑස්වල තිබුණේ අලුත් බලාපොරොත්තුවක්.
නිකීට ඇගේ මවගෙන් ලිපියක් ලැබුණා. ඇය අතින් වූ වැරදි වලට ඇය නිකීගෙන් සමාව ඉල්ලා තිබුණා. ඒ ලිපිය කියවද්දී නිකීගේ දෑසින් කඳුළු කඩා හැළුණා. ඇය එංගලන්තයේදී තමන්ගේ අම්මාට වචනයෙන් කොතරම් හිංසා කළාද කියා ඇයට සිහි වුණා. “මට දැන් ඕන මගේ අම්මාව බදාගෙන සමාව ඉල්ලන්න විතරයි” කියලා ඇය හැඟීම්බරව ප්‍රකාශ කළා.
🌟 දින අටක ලංකාවේ අත්දැකීම අවසානයේ මේ තරුණියන් දෙදෙනා එංගලන්තයට ගියේ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සු විදියට. නිකී ගෙදර ගිහින් තමන්ගේ අම්මාව බදාගෙන සමාව ඉල්ලද්දී හැමෝම නිහඬ වුණා.
මට සමාවෙන්න අම්මේ, මම මෙච්චර කාලයක් මෝඩයෙක් වගේ හැසිරුණේ. මම ඔයාට ගොඩක් ආදරෙයි – නිකීගේ මේ වචන ටික අහන්න ඇගේ අම්මා වසර ගණනාවක් බලාගෙන හිටියා.
💡ලංකාවේ මේ අපූරු පවුල, ලෝකයේ අනෙක් කෙළවරක සිට පැමිණි නරක් වුණු දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් වුණා. මෙය අපේ රටටත්, අපේ සංස්කෘතියටත් ලැබුණු ලොකු ගෞරවයක්.
ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ..? 📝✨












