Home සයුරෙන් එහා පුවත් බිරින්දෑවරු 3යි, දරුවන් 11යි.. දරුවන් 54ක් හදලා තමන්ටම කියලා වෙනමම රාජධානියක් හදාගන්න...

බිරින්දෑවරු 3යි, දරුවන් 11යි.. දරුවන් 54ක් හදලා තමන්ටම කියලා වෙනමම රාජධානියක් හදාගන්න උත්සහ කරපු තරුණයාට අවසානයේ අත්වුණේ මෙවැනි ඉරණමක්..

0
217

බිරිඳන් 3යි, දරුවන් 11යි… දරුවන් 54ක් හදලා තමන්ටම කියලා වෙනමම රාජධානියක් හදාගන්න උත්සහ කරපු තරුණයාට අවසානයේ අත්වුණ අවාසනාවන්ත ඉරණම..

ජපානය කිව්වම අපිට මතක් වෙන්නේ හරිම විනයගරුක, වැඩ විතරක්ම කරන මිනිස්සු ඉන්න රටක්නේ. හැබැයි ඒ අතරේ හිටපු 38 හැවිරිදි රියුටා වටනබේ කියන තරුණයා හිතුවේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.

ඔහුගේ හීනය වුණේ දරුවන් 54 දෙනෙකුගේ පියෙක් වීම.. 😲

ජපානයේ අතීත රජ කෙනෙක්ගෙන් ආභාෂය ලබපු රියුටා, හොකයිඩෝවල තමන්ගේම කුඩා රාජධානියක් හැදුවා. එකම වහලක් යට තමන්ගේ බිරින්දෑවරුන් තිදෙනෙක් එක්ක ඔහු ජීවත් වුණා. ඒ වෙද්දී ඔහුට දරුවන් 11 දෙනෙක්ම හිටියා. මේ අමුතු පවුල් ජීවිතය ගැන ඔහු යූටියුබ් හරහා ලෝකෙටම කිව්වා.

බිරිඳන් තුනයි, දරුවන් 11යි කිව්වම නඩත්තු කරන්න කොච්චර සල්ලියක් ඕනෙද කියලා ඔබට හිතාගන්න පුළුවන්නේ..? රියුටා මීට කලින් රස්සාවල් 20කට වඩා කරලා තිබුණත්, මේ වගේ දැවැන්ත පවුලක් නඩත්තු කරන්න ඒ කිසිම දෙයක් මදි වුණා. පිරිසිදු කිරීම්, බඩු එහා මෙහා කිරීම්, රෙස්ටුරන්ට් සර්විස් වගේ මොන දේ කරත් ආර්ථික පීඩනය දරාගන්න බැරි මට්ටමට ආවා.

📉 සල්ලි ප්‍රශ්න එද්දී ආදරයත් ජනේලෙන් පැනලා යනවා කියනවනේ.. රියුටාගේ බිරින්දෑවරුන් දෙන්නෙක් තමන්ගේ දරුවොත් අරගෙන තමන්ගේ මහගෙවල්වලට යන්න තීරණය කළා. තමන් හදපු ඒ ලොකු රාජධානිය කෑලි වලට කැඩිලා ගියා.

අන්තිමේදී රියුටා අන්තර්ජාලයට වීඩියෝවක් දාලා කිව්වේ හරිම සංවේදී කතාවක්. ඒ වෙද්දී ඔහු සතු වුණේ බොහොම සුළු මුදලක් විතරයි. ඔහුට ඉතිරි වුණු එකම සහකාරිය එක්ක අද ඔහු ජීවත් වෙන්නේ පාරේ අයිනේ නවත්තලා තියෙන පුංචි කාර් එකක් ඇතුළේ. 🚗🏚️

හීන දකින එක වරදක් නෙවෙයි, හැබැයි ඒ හීනවලට උරදෙන්න පුළුවන් ආර්ථික ශක්තියක් සහ වගකීමක් අපිට තියෙන්න ඕනේ. නැත්නම් ඒ හීනම අපේ ජීවිතේ අපායක් කරන්න පුළුවන්. 👇

 

Previous articleඅම්මට නරක වචන වලින් බනින, තාත්තගේ සල්ලි විනාස කරන නොහික්මුණ බ්‍රිතාන්‍යය කෙල්ලෝ දෙන්නා ලංකාවේ බෞද්ධ පවුලකට බාර දෙනවා.. ඊට දවස් 8කට පස්සේ වෙච්චේ දේ නිසා හැමෝගෙම ඇස් උඩ ගියා..
Next articleපාසලේ ඉන්න දක්ෂම සහ සුන්දරම සිසුවිය අංශභාගයෙන් පෙලෙන තාත්තාව බලාගන්න මැදියම් රැයේ කරන රැකියාව ගැන දැනගත්ත හැමෝගෙම ඇස් කඳුලින් තෙත් වුනා..
error: Content is protected !!
Verified by MonsterInsights