Home දේශිය පුවත් සබරගමුවේ නවක වධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ් කිරීමට නියෝග

සබරගමුවේ නවක වධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ් කිරීමට නියෝග

0
237

නවක වධය ලබාදීමේ සිදුවීමක් මුල් කර ගනිමින්, සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගැනීමට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙකු සියදිව් නසා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) එම සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

Previous articleමාලන් සිල්වා ( මාධවීගේ හිටපු සැමියා ) ඔහුට යලිත් මංගල සීනු… යුග දිවියට සුබපැතුම් !
Next articleසබරගමු සරසවියේ සිසුන් 11කට පන්ති තහනම් වෙද්දි තවත් 4ක් අත්අඩංගුවට…
error: Content is protected !!
Verified by MonsterInsights