අවුරුදු 12,000ක් පරණ වෘකයට යලින් පණ ලැබිලා…

0
121

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.

මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලය.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට යළි පණ දීම සිදු කළේ උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටින බැවිනි.

වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත් වූහ.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනකුට පණ දීමට විද්‍යාඥයන් සමත් වූ අතර එම තිදෙනා රොමියුලස්, රීමස් සහ කලීසී යනුවෙන් නම් කර ඇත.

මෙම හපන්කම සිදු කළේ ඇමෙරිකාවේ ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යා පර්යේෂණ සමාගමය. අයිස් යුගයේ ජීවත් වුණු මැමතකුට පණ දීමට ද මෙම සමාගම සූදානම් වෙයි. ඒ, 2028 වසරේදීය.

ඊට අමතරව, වඳ වී ගිය පියාඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යාඥයන් සූදානම් බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.

Previous articleඅවුරුදු කාලෙට කොකිස් හදලා කාලා තිබුනට මේ විදිහට හදලා කන්න පුළුවන් කියලා දැනගත්තෙත් අදමයි.
Next articleඑහෙම තැනක් ලංකාවේ තියෙනවා. කවුරුත් නොදන්න අතුරුදහන් වූ අභිරහස් නාථගොඩ නගරය ගැන ඔයා දන්නවද ?