Home දේශිය පුවත් රිතික් රෝෂන්ගේ පුතා ලොවක්ම වසඟ කරයි…

රිතික් රෝෂන්ගේ පුතා ලොවක්ම වසඟ කරයි…

0
220

කඩවසම් හා අලංකාර අංග ලක්ෂණ නිසාම ‘ග්‍රීක දෙවියකු’ ලෙස හඳුන්වනු ලබන රිතික් රෝෂන් මෑතක ලොව කඩවසම්ම පුරුෂ ලැයිස්තුවේ පස් වැනි ස්ථානයට පත් වුණා. ඔහු නිරන්තරයෙන් ඔහුගේ විශ්මයජනක පෙනුමෙන් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අතර මේ වන විට ඔහු ද ඉක්මවා ගිය ඔහුගේ පුතාගේ රූපයෙන් සියලු දෙනා මවිතයට පත්වී සිටිනවා.
රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන්ගේ පුතු දෙදෙනා වන්නේ රිදාන් රෝෂන් සහ රිහාන් රෝෂන් ය. ඔවුන් දෙදෙනාගෙන් රිදාන් රෝෂන් මෑතකදී පැවති ‘ද රෝෂන්ස්’ උළෙලට සහභාගී වීමෙන් පසු සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතා බහට ලක් වුණා. රිතික්ගේ දරුවන් නිතර මාධ්‍යවල දක්නට නොලැබෙන නිසාම කලකට පසු තරමක් උස් මහත් වී කඩවසම් නව යෞවනයකු බවට පත්ව සිටින රිදාන් ගේ පෙනුම ඔහුගේ පියාට ද දෙවැනි වන බව පෙනෙන්ට තිබීම ඊට හේතුවයි.
රෝෂන්ස් සැමරුමේ දී සැමගේ අවධානය දිනා ගත්තේ රීදන්ය. මේ සමඟ පියාගේ සහ මවගේ ජාන උරුමය බෙදා ගනිමින් දැවැන්ත තිරයට උචිත රුවකට හිමිකම් කියන, පාරම්පරික සිනමා උරුමය ඇති රිදාන් බොලිවුඩ්යට පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පළ වීමට පටන් ගෙන තිබෙනවා. ඔහු රෝෂන් පරපුරේ බොලිවුඩයේ මීළඟ සුපර් ස්ටාර් වනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ.
තවත් අය ඔහුගේ රුව ඇමරිකානු සහ ප්‍රංශ රංගන ශිල්පියෙකු වන තිමෝති චලමෙට්ගේ රුවට සමාන කර ඇති අයුරු දක්නට ලැබෙනවා. “රිතික්ගේ පුතා ඔහුටත් වඩා කඩවසම්” ඉන්දියානුවන්ගේ ආදරය රිදාන් වෙත ලැබී තිබුණේ ඒ අකාරයටයි.
මීට පෙර ඔහුගේ මව වන සුසෑන් රිදාන් හා රිහාන්ගේ ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්සටග්‍රෑම් ගිණුමේ යාවත්කාලීන කර තිබුණා. ඔහු තම පියාගේ අඩිපාරේ යාම හෝ තමන්ගේම මාවතක් තෝරා ගනීද යන්න මෙතෙක් අනාවරණය කර නැහැ. එසේ වුවත් රිදාන් මෙන්ම රිහාන් ඉදිරියේ දී දිගටම මාධ්‍යවල සිරස්තල බවට පත් වෙනු ඇති බව නම් නිසැකය.

Previous articleඋඩුයටිකුරු වුන ගුවන් යානයක්… මේක නම් පුදුම වැඩක්…
Next articleකැරිබියන් වෙරළෙන් ඇසෙන මේ දුක්බර සිදුවීම මුලු ලෝකයක් කලඹයි.
error: Content is protected !!
Verified by MonsterInsights