උඩුයටිකුරු වුන ගුවන් යානයක්… මේක නම් පුදුම වැඩක්…

0
173

ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පෙබරවාරි 17 වන (සඳුදා) පුද්ගලයින් 80 දෙනෙකු සමඟ ගොඩ බැස්වූ ඩෙල්ටා එයාර් ලයින්ස් 4819 ගුවන් යානය ගොඩබෑමේදී අනතුරට පත් වී ධාවන පථයේ උඩු යටිකුරු වුණා.
කෙසේ වෙතත් යානයේ සිටි සියලුම මඟින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් බව මාධ්‍ය වාර්තා පවසනවා.
මිනියාපොලිස් සිට ටොරොන්ටෝ දක්වා පැමිණි ගුවන් යානය පැයට සැතපුම් 40 දක්වා තද සුළං ඇතුළු දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දුන් බව වාර්තාවල දැක්වේ.
අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දරුවෙකු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්ය.
මෙම සිද්ධිය පස්වරු 2:45 ට පමණ සිදු වූ අතර, පියර්සන් හි සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට හේතු වුණා.

මේ වන විට උඩු යටිකුරු වූ CRJ-900 ගුවන් යානයෙන් මගීන් ඉවත් කරන දර්ශන සහ ඡායරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

Previous articleසිය පුතාගේ වෙන්වීමෙන් දුක්විදින සුපිරි ක්‍රිකට් තරුව ගැන දුක්බර කතාව මෙන්න
Next articleරිතික් රෝෂන්ගේ පුතා ලොවක්ම වසඟ කරයි…