Home දේශිය පුවත් අපේ මිනිස්සු හරිම උතුම් ජාතියක්… දැයෙන් සමුගත් කණ්ඩලමේ හැඩකාරයාටත් පිං අනුමෝදනා..!

අපේ මිනිස්සු හරිම උතුම් ජාතියක්… දැයෙන් සමුගත් කණ්ඩලමේ හැඩකාරයාටත් පිං අනුමෝදනා..!

0
37

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ.

අද (14) පෙරවරුවේ සිට විශාල ප්‍රදේශවාසීන් පිරිසක් වන අලියාගේ මළ සිරුර දැක බලා ගැනීම සඳහා එහි පැමිණ සිටි අතර ඔවුන් දැඩි සංවේගයට පත් වී සිටි බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව රන්ගිරි දඹුලු වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් සිදුකර පාංශකූල කටයුතු සිදුකරන්නට විය.

මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය ‘කණ්ඩලමේ හැඩකාරයා’ට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදුකර තිබේ.

මෙම වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.

මිට වසරකට ඉහතදී මුලින්ම මෙම අලියාට වෙඩි වැදී සිටියදී වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කොට පසුව වනයට මුදා හැර තිබිණු අතර මාස කිහිපයකට පසු නැවතත් තුවාල සුව නොවී වැව ඉස්මත්තට පැමිණි විට ජනතාව ආහාර ලබාදෙමින් රැක බලාගත්තේය.

කෙසේවෙතත් වනජීවි නිලධාරීන්ව අවස්ථා කිහිපයක දී දැනුවත් කිරීමෙන් අනතුරුව, වරින් වරින් පශු විද්‍යා කණ්ඩායම් පැමිණ වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබුණි.

මාධ්‍ය මඟින් දිගින් දිගටම ‘කණ්ඩලමේ හැඩකාරයා’ සම්බන්ධයෙන් ජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන් පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද අදාළ ස්ථානයට ගොස් වනඅලියාගේ සුව දුක් සොයා බලා ප්‍රතිකාර නිසි ලෙස සිදුකිරීමට උපදෙස් ලබා දුනි.

නමුත් ප්‍රතිකාර හමුවේ වුවත් දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත්වූ වනඅලියාට අවසාන කාලයේ දී සිංහල වෙදකම සිදුකිරීමට ද අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව දින 5ක පමණ කාලයක් වෙදකම් කරමින් සිටිය දී රටම හඬවමින් මහා සද්ධන්තයා ඊයේ සිය ජීවිතයට සමුදුනි.

Previous articleබොහෝ කලක් දරුණු ලෙඩකින් දුක් වින්ඳ කවුරුත් ආදරේ කල දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඈ ලොවක් හඬමින් නොයෙන ගමන් යයි..!
Next articleඔයාටත් රෑට හීනෙන නයි පේනවද ? ඒ ඇයි කියලා දැනගන්න කැමතිද ? හීනෙන් නයි පේන්නේ මෙන්න මේ හේතු හින්දා
error: Content is protected !!
Verified by MonsterInsights