Home සයුරෙන් එහා පුවත් බොහෝ කලක් දරුණු ලෙඩකින් දුක් වින්ඳ කවුරුත් ආදරේ කල දක්ෂ රංගන ශිල්පිනියක්...

බොහෝ කලක් දරුණු ලෙඩකින් දුක් වින්ඳ කවුරුත් ආදරේ කල දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඈ ලොවක් හඬමින් නොයෙන ගමන් යයි..!

0
121

 

ඇගේ මේ වියෝව බොහෝ දෙනෙක්ගේ හද සංවේගයට පත් කළ පුවතක් වෙලා..

ජීවිතය වෙනුවෙන් කලක පටන් සටන් කළ ඇගේ මේ වියෝව ගැන අද ඇසුණේ මෙන්න මේ වගේ කතාවක්..

චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ බෙංගාලි රංගන ශිල්පිනියක් වන බසන්ති චැටර්ජි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවා..

ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ අය පැවසුවා..

දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය නිවසේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

දශක පහකට අධික කාලයක් පුරා දිවෙන ඇගේ වෘත්තීය ජීවිතය තුළ, ඇය ‘තගිනි’, ‘මංජරි ඔපෙරා’ සහ ‘ආලෝ’ වැනි පැසසුමට ලක් වූ චිත්‍රපට ඇතුළුව චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා…

ඇයගේ අවසන් නිර්මාණය වූයේ ‘ගීතා එල්එල්බී’ කතා මාලාවේ වන අතර, එම කතා මාලාවේ රූගත කිරීම් අතරතුර ඇය බරපතල ලෙස රෝගාතුර වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ..

Previous articleකොච්චර හැදුවත් සාර්ථක වුනේ නැද්ද ? ඔබේ ගෙවත්තත් ලස්සන කරන ලස්සනට පිපෙන රෝස පැලයක් නිවැරදිව හදාගන්නේ මෙහෙමයි !
Next articleඅපේ මිනිස්සු හරිම උතුම් ජාතියක්… දැයෙන් සමුගත් කණ්ඩලමේ හැඩකාරයාටත් පිං අනුමෝදනා..!
error: Content is protected !!
Verified by MonsterInsights