කොළඹ හරි වෙනස් , මෙන්න ඒ වෙනස්ම කතාව..
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයට යාබදව තොප්පියක් අතින් ගෙන කොළපාට හැට්ටයකින් සහ රතු පාට කලිසමක් ඇඳ සුදුපාට සළුවකින් සැරසී සිටි කාන්තාවක් ”මම ඊස්වර දෙවියන්ගේ වයිෆ් ” යෑයි පවසමින් , රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අමුතු ආකාරයෙන් හැසිරෙන්නට වුණා.
රැස්ව සිටි බොහෝ දෙනා ඇය දෙස බලමින් , සිනහා නගන ආකාරය දකින්නට ලැබුණා.
” උඹලා හුනියන් කරලා ආණ්ඩුව ගත්තේ, මගේ කේන්දරෙත් අරගෙන ගියා තොපි , හිටපල්ලකො මං හොඳ වැඩක් කරනවා.. ප්‍රසිද්ධ තැන්වල එහෙම ලයිට් යනවද යකෝ… රනිල් මහත්තයා බුදු වෙන්න ඕනි.. ” ආදී වශයෙන් විවිධ ප්‍රකාශ ඇය මෙහිදී පවසා සිටියා.
ඇයගේ මෙම හැසිරීම දෙස ඒ අවට මාර්ගවල ගමන් කරන පිරිස්ද සිනහා සෙමින් බලා සිටියා. මේ වන විට එම කාන්තාව සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ කතා බහට ලක්වීමටද පටන් ගෙන තිබෙනවා.