5 ශිෂ්‍යත්ව වැඩ්ඩෝ ගැන ඔබ නොදන්න තවත් කතා..!

5 ශිෂ්‍යත්ව වැඩ්ඩෝ ගැන ඔබ නොදන්න තවත් කතා..!

 

පහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබාගත් ‌ශෙනුදි ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයට පත්වූ බව දැන් හැමෝම දන්නවා.

ඇය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන බවත් ඔබ අපි කවුරුත් දන්නවා.

ඇය ජීවත් වෙන්නේ මාදු ගගට සම්බන්ධ මහළදූව දූපතේ.

‘මම කැමැති විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න. 9 වන ශ්‍රේණියේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ් ඉගෙනීමේ කාලය අඩු කර ගන්න. 6 ශ්‍රේණියේ සිට මම ඉංග්‍රීසි මාධ්‍ය තෝරා ගන්නවා.ඒ් වගේම’මට මුහුදු පතුල ගවේෂණය කරන්නත් කැමැත්තක් තියෙනවා. ඒ්ක කරන්නේ විනෝදාංශ්‍යක් හැටියට.”

‌ශෙනුදි අමායා අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් දක්ෂයි. ඇය දක්ෂ චෙස් ක්‍රීඩා ශූරියක්. . දේවානන්ද විද්‍යාලයේ අවුරුදු 09 න් පහළ චෙස් කණ්ඩායමේ නායිකාව වන්නේද ඇයයි.
අපි සමස්ථ ලංකා ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා.

ඒ් වගේම මම පොත්පත් කියවන්නත් කැමතියි.වැඩියෙන් කියවන්නේ රහස් පරික්ෂක කතා. මීට අමතරව මම පිහිනුම් හා කරාතේ ක්‍රීඩාවත් ආසාවෙන්ම කරනව.” ඇය කියනවා.
මේ හැම දෙයක්ම ඇයට කරන්න ලැබුණේ දෙමව්පියන් හා පාසලේ විදුහල්පතිනිය හා පන්තිය භාර ගුරුතුමිය ඇතුළු සියලු ගුරු භවතුන්ගේ සහයෝගය නිසා බවත් ඇය ආදරයෙන් මතක් කළා.

ඊළගට අපේ අවධානය යොමු වුණේ ලකුණු 197 ලබා ලංකාවෙන්ම දෙවැනියා බවට පත් වූයේ තරුෂි කවිත්මා දියණියයි. ඇය ඕපනායක විද්‍යාකර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියක්. ඇගේ පියා රත්නපුර උසාවි මුරපොළේ රාජකාරි කරනු ලබන පො.කො.පුෂ්පකුමාර. මව ඕපනායක පොලිසියේ සේවය කරන මල්කාන්ති.

“ අපි හුගාක් කාර්යය බහුලයි. ඒ්ත් ඉඩ ලැබෙන හැම මොහොතකදීම මමත් දූගේ අම්මත් ඇයගේ වැඩවලට සම්බන්ධ වුණා. සොයා බැලුවා. ඒ් වගේම අවශ්‍ය පරිසරය හැදුවා. නමුත් මෙයාගේ අත්තම්මා තමයි දූ එක්ක හුගාක් ආවේ ගියේ. අපිට තවත් දියණියක් ඉන්නවා. ඇය 2 වසරේ.
“අපේ දූ මළල ක්‍රීඩාවටත් දක්ෂයි. මීට අමතරව ඇයට හොදින් චිත්‍ර අදින්නත් පුළුවන්. ගෙදරදි එයා වැඩි පුර ඉන්නේ පොත්පත් එක්ක. ඒ් වගේම තමන්ගේ පාඩුවේ ඉන්න හොද ළමයෙක්.
එයා හැම විටම කියන්නේ ඉංජිනේරුවරියක් වෙන්න තමයි මම කැමති අම්මේ.. කියලා”. එහෙම කිව්වේ ඇගේ අම්මා මල්කාන්ති.

ඊළග ශිෂ්‍යත්ව ජය ගත්ත දරුවා තමයි ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහාස් ඩින්සිදු. මේ පුතා ලකුණු 194 ලංකාවෙන්ම 3 වන ස්ථානයට පත්වෙනවා.
මෙහි ඇති විශේෂත්වය තමයි මීට පෙර මේ විද්‍යාලයේම ඉගෙනුම ලබූ ඔහුගේ සොයුරා තේජාන්ද ශිෂ්‍යත්ව විභායෙන් ලකුණු 179 ක් ලබා සමත් වී තිබීම. මේ වෙද්දී ඔහු ඉගෙනුම ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ.

සොහාස් ගණිතය විෂයයට තිබෙන්නේ පුදුමාකාර දක්ෂතාවයක්. ඔහු තමන්ගේ මිතුරු මිතුරියන්ටත් ගණිතය කියා දෙනවා. ඒ් වගේම ඔහුත් හොද චෙස් ක්‍රීඩකයෙක්. මීට අමතරව බාල දක්ෂයකු විදියටත් මේ පුතා වැඩ කටයුතු කරනවා.

ලංකාවම කතා කරන ඊළග පොඩ්ඩා තමයි දමිළ මාධ්‍යයෙන් ප්‍රථමයා වූ සෙල්වන් ආනන්ද සෝති. ඔහු ලබා ගන්නා ලකුණු ප්‍රමාණය 194ක්. යාපනයේ හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ පුතා ශිෂ්‍ය නායකයකු ලෙස පාසලේ සියලු වැඩ කටයුතුවලට සමිබන්ධ වන්නේ ක්‍රීඩාවලටද සහභාගී වෙමින්. ඔහුගේ බලාපොරොත්තුවත් වෛද්‍යවරයකු වෙන්නයි.

 

Local Gossip