Home දේශිය පුවත් ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරින් දිවි අහිමි වූවන් වෙනුවෙන් ඇසෙන ඒ ආරංචිය...

ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරින් දිවි අහිමි වූවන් වෙනුවෙන් ඇසෙන ඒ ආරංචිය මෙන්න

0
58

 

ඒ බිහිසුණු අනතුර ගැන අද විවිධ කතා ඇසුණා..

මේ සිද්ධියට වගකිව යුත්තේ කවුද, වරදකරු කවුද කියන එක සොයාගත්තත්, ඉන් අහිමිවුණු ජීවිතවලට වගකියන්න අපි කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ.. එවන් පසුබිමක අහිමිවූවන්ගේ ජීවිත ගැන ඇසෙන තවත් කතාවක් තමයි මේ..

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා..

එම අනතුරින් 15 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීමට සියල්ල සූදානම් බව බදුල්ල රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා..

මේ අනුව දියතලාව සහ බණ්ඩාරවෙල රෝහල්වල තබා තිබු අනතුරෙන් මරණයට පත්වූවන්ගේ මෘත දේහයන් බදුල්ල මහ රෝහලට ගෙනඒමට කටයුතු කරමින් පවතින බව අප කල විමසුමකදී වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවා..

මෘත දේහයන් සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරික්ෂණ අවසන් වීමත් සමඟ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ආරම්භ කරන බවත් අද (05) දිනය තුළදී එම සියලුම මරණ පරික්ෂණ කටයුතු අවසන් කිරිමට සූදානමින් සිටින බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි ද හෙතෙම පැවසුවා..

Previous article5 ශිෂ්‍යත්ව වැඩ්ඩෝ ගැන ඔබ නොදන්න තවත් කතා..!
Next articleකස්තුරි මේ තරම් මිල අධික ඇයි කියලා දන්නවද ? මෙන්න හේතුව
error: Content is protected !!
Verified by MonsterInsights