Home දේශිය පුවත් පුතාගේ ස්පෝර්ට්ස් මීට් බලන්න ණයට ඉල්ලන් ආ වාහනේ ඇලට පෙරලෙයි. මෙවැනි දෙයක්...

පුතාගේ ස්පෝර්ට්ස් මීට් බලන්න ණයට ඉල්ලන් ආ වාහනේ ඇලට පෙරලෙයි. මෙවැනි දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා…!

0
233

තම දරුවාගේ පාසලේ ක්‍රීඩා උත්සවය නැරඹීමට පැමිණි කාන්තාවක් පැදවූ රථයක් අද (12) දහවල් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ආසන්නයේ ධර්මාරාම පාරේ පිහිටි ඇළ මාර්ගයකට වැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

රථය පැදවූ මව සහ දරුවා කාර් රථයෙන් බැස මඳ වේලාවකට පසුව මෙම අනතුර සිදුවී ඇති අතර, රථයේ අත් තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුරු සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, එම කාර් රථය ධාවනය කරගෙන පැමිණි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ, මෙම කාර් රථය සිය හිතවතෙකුගෙන් තම දරුවාගේ ක්‍රීඩා උත්සවය නැරඹීම සඳහා ඉල්ලාගෙන පැමිණි බවයි.

අනතුරුව, මෙම සිදුවීම පිළිබඳව බම්බලපිටිය පොලිසියට ලද තොරතුරු මත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ආපදා රථයක් ගෙන්වා පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඇළට වැටී තිබුණ කාර් රථය ගොඩ ගෙනා තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, මෙම ස්ථානයේ නිතර වාහන අනතුරට ලක්වන බවත්, එයට හේතුව ඇළ මාර්ගය හරහා ආරක්ෂිත වැටක් නොමැති වීම බවයි.

Previous articleදිල්හානි මාරුතයේ රේණුකාගේ චරිතෙ ප්‍රතික්ශේප කරනවා , යශෝ ඒ කරනවා , යශෝ උප්පලවණ්ණා ප්‍රතික්ශේප කරනවා , සංගීතා ඒ චරිතෙ භාරගන්නවා. කිසිම දවසක කිසිම මාධ්‍යයක මේ ප්‍රතික්ශේප කිරීම භාර ගැනීම් ගැන ඔවුන් කටවත් හොලවලා නෑ,…ඒකට දැන් ඉන්න නිළියන්ගේ එකමුතු කමට මොකද වුණේ..?
Next article” මට මුලදී සිනමා කර්මාන්තය වෙනුවෙන් ලැබෙන ඔක්කෝම චරිත කරන්න වුනා. දැන් මට මගේ දක්ෂතාවය මැන බලන්න ආසයි ” – ශ්‍රි ලාංකීය රිදී තිරයේ වත්මන් වීරයා හේමාල් කියන මේ කතාව ඇහුවද ?
error: Content is protected !!
Verified by MonsterInsights