ඔයා Fb දැම්ම අන්තිම photo එක දැම්මේ මගේ අයියා එක්ක..සුබ ගමන් නිර්මාල් අයියේ” – ඔහුගේ වියෝවෙන් තැවෙන ඔහුගෙන් තවත් එක් සංවේදී සටහනක්..

ඔයා Fb දැම්ම අන්තිම photo එක දැම්මේ මගේ අයියා එක්ක..සුබ ගමන් නිර්මාල් අයියේ” – ඔහුගේ වියෝවෙන් තැවෙන ඔහුගෙන් තවත් එක් සංවේදී සටහනක්..

 

මෑත ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙවර ගංවතුර හා නායයෑම් ආපදාවලදීත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරමින් සිටින්නේ සුවිසල් මානුෂිය මෙහෙවරක්.

එම දැවැන්ත මෙහෙයුම් අතරතුර ශ්‍රී ලාංකික හදවත් කම්පා කළ සිදුවීමක් ඊයේ වාර්තා වුණා.

ඒ, මානුෂීය ක්‍රියාන්විතයේ නියැලෙමින් සිටි ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීම.

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ ගිං ඔයට කඩාවැටුණු යානය එම අවස්ථාවේදීත් ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට සූදානමින් සිටියා.

යානය ආරක්ෂිත ගොඩබැස්වීමකටය නියමුවන් උත්සාහ දරා තිබුණ ද ඒ අතරතුර හෙලිකොප්ටරය ගිං ඔයට කඩා වැටුණු අතර හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවා ඇතුළු 05 දෙනා මුදාගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූවා.

පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර කෙසේවෙතත් යානයේ සිටි ගුවන් නියමුවන්ගෙන් එක් නියමුවෙක් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් තිබුණේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙක්.

අත්දැකීම් බහුල ගුවන් නියමුවෙක් වන ඔහුගේ අභාවය මේ වන විට රටම කම්පාවට පත්කළ සිදුවීමක් බවට පත්ව ඇති අතර ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් වන අඛිල විමංග සර් ද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

Local Gossip